Wednesday, September 7, 2016

සසරක හෝ බවයෙක..

 සසරක හෝ බවයෙක.. කෙටිකතාව

සමරවික්‍රම කියන්නේ ඔහු ජිවත් වුනු ප්‍රදේශයේ කීර්තිමත් නාමයක් දිනා සිටි ධනවතෙකි.. ඔහු ඉතාමත් අාදරණීය පියෙකි එමෙන්ම ඉතාමත් ගුනගරුක සැමියෙකි.. මිස්ටර් අැන්ඩ් මිසිස් සමරවික්‍රම ජෝඩුවට හිටියේ ඉතාමත් ලස්සන සහ හුරතල් දරු පැටවුන් දෙපලක්.. වැඩිමහලු පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් වුනු අතර බාල දියනියගේ වයස අවුරුද්දක් වී මාසයක් වත් ගත වී නැත. සිව්දෙනෙක්ගෙන් යුත් සමරවික්‍රම පව්ල තුල ධනයට වඩා පිරි ඉතිරි තිබුනේ අාදරය සහ සතුටයි.. එබැවින්ම ප්‍රදේශයටම එම පව්ල සිරියාවක් විනි.. 

දිනය 1992 මැයි 7.. 

වයස අවුරුදු 6ක පිරිමි දරුවෙකු අතුරුදහන් ව අැති බැව් රූපවාහිනියේ පෙන්වු පුවතක් දැක ඉතා කනස්සල්ලට පත් ව සිටි සමරවික්‍රම මහත්මිය තම දරුවන් දෙදෙනාද තුරුලට ගෙන සිටියේ සිය සැමියා එන තුරුය.. 

’’අය්යෝ මාලි ඔයා තවම ලැස්ති නැත්ද.. ඉක්මනට ඔයා ලැස්ති වෙලා ලමයි දෙන්නවත් ලැස්ති කරන්න අපි දැනටමත් පරක්කුයි.. ’’ හදිසියෙන් මෙන් ගෙට ගොඩවු සමරවික්‍රම මහතා අැයගේ බාර්යාව දෙස බලමින් එසේ පවසන්නට වුනේ අැය ඔහු නිවසින් බැහැරව යාමට පෙර සිටි අැදුමින්ම තවමත් සිටි හෙයිනි...

’’අනේ නැ සමරේ.. ටිවි එකේ නිව්ස් වල පෙන්නුවා පොඩි පිරිමි දරුවෙක් අතුරුදහන් වෙලා කියලා.. පොටෝ එකකුත් තිබුනා අපේ ලොකු වගේමයි..’’ මෙහිදි අැය ලොකු වශයෙන් හැදින්වුයේ ඔවුන් දෙපලගේ වැඩි මහල් පුතුය.. 

’’ එ් නිව්ස් එක කාර් එකේ එන ගමන් මටත් අැහුනා මාලි.. පව් .. ඉක්මනට හොයාගන්න පුලුවන් වුනොත් හොදයි.. එ් අම්මා තාත්තට මොන තරම් ගින්දරක්ද?’’ 
මාලිගේ පිලිතුර නිසා සන්වේදී වු සමරවික්‍රම මහතා එලෙස පිලිතුරු දෙන්නට විය.. 
*කවුරු හරි හොරකම් කලාද වෙන්න බැරිත් නැ.. මේ දවස් වල අැහෙන්නෙම මහම මහ නරක දේවල්මයි සමරේ.. මට අපේ ලමයි දෙන්නා ගැන ලොකු බයක් දැනුනා* 
*ඔයා ඔය දේවල් ගැන එ් තරමි හිතන්න යන්න එපා මාලි.. බය වෙන්න එපා අපි මෙහෙමයි කියලා කාටවත් වරදක් කරලා නැනේ.. දෙවියෝ අපිත් එක්ක හැමදාම ඉන්නවා.. හා හා දැන් ඉක්මනට ලැස්තිවෙන්න ලමයෝ.. තවත් පරක්කු වුනොත් අපිට ෆ්ලයිට් එකත් මිස් වෙනවා.. *

*සදරු පුතේ යමුකේ ලැස්ති වෙමු අපි දැන්.. * සමරවික්‍රම මහත්මිය දරුවන් දෙදෙනාද කැටුව කාමරය ගොස් කඩිනමින් සුදානම් විනි.
දරුවන් දෙදෙනාද සුදානම් කරවු අැය පිරිමි දරුවාව කාරයේ පිටුපස අසුනට යවා කුඩා බිලිදියද අත දරාගෙන ඉදිරිපස අසුනේ හිද ගත්තේය.. 
සමරවික්‍රම මහතා නිවසේ දොර ජනෙල්ද වසා දමා විත් කාරය පන ගැන්විය.. 
වාහනය ගේට්ටුවෙන් පිටත නවත්වා ඉන් බැස ගේට්ටුවද වසා දමා යලි රතය පනගන්වා තරමක වෙගයකින් ධාවනය කර විය.. 

දිනය 1992 මැයි 8
ප්‍රදේශය පුරාම තරමක නොසන්සුන් තාවයකි.. 
එයට හේතුව වුයේ සමර වික්‍රම පව්ල රිය අනතුරකට බාජනය වීමයි.. රථය පාලනය කරගැනිමට
නොහැකිව ඉතා අවදානම් ප්‍රපාතයකට පෙරලී අනතුර සිදු වි අැත.. කුඩා බිලිදියක් සමරවික්‍රම පව්ලේ සිටියත් අැයගේ සිරුර අනතුර වු ස්තානයෙ තිබි හමුවි නැති බවටද ප්‍රදේශය පුරා රාවයක් පැතිර ගියේය.. 
පිරිමි දරුවා හදුනාගත නොහැකි ලෙසට තුවාල සිදුවි අැති අතර අනතුර සිදුවු වු ස්තානයට පැය දෙකක් පමන යනතුරු කිසිවෙකු ගොස් නොසිටි අතර අනතුරක් සිදු වි අැති බව මුලින්ම දැනගත්තේ දර කැපිමට ගිය දෙදෙනෙකු විසින් බවටද අාරන්ච් වෙයි. නිශ්චිතවම අනතුර සිදුව තිබුනි.. නමුත් සමරවික්‍රම පව්ල කෙලෙස එම අනතුරට මුහුන පැවේද යන්න තවමත් සොයාගෙන නැත.

දිනය 2016 ජනවාරි 12

තද තැඹිලි පැහැයකින් නැගෙනහිර අහස් කුසම හැඩ කරවමින් හිරු නැගෙන්නට විනි.. කුරුල්ලන්ගේ කිචි බිචිය සවන් පිනවන්නේ අමුතුම මිහිරියාවක් සිතල සුලගට එක් කෙරෙමිනි.. එ් වන විටත් අවදිව සිටි අයේශාට එය මහත් අාශ්වාදයක් විනි.. පරිසරයේ මිහිරියාව විදගනිමින් අැය සදලු තලයේ හිද දෙඅත් පටලාගෙන හිදි. ඔප දැමුවාක් මෙන් මුහුනට කැරලි ගැසුනු දගකාර කෙස් කලඹ ගෙන අාවේ පිරිපුන් සුන්දරත්වයකි.. අැය දගකාරය කටකාරය එතරමට අහිංසකය.. එවන් කරුනු අැගේ බැලු බැල්මෙන්ම අැගේ පෙනුමින් වුවද කිව හැකිය.. 
*ගුඩ් මෝර්නින්ග් චුටි දු.. මොකද උදෙන්ම මෙතන..*
පිටුපසින් එක විටම අැසුනු හඩට තිගැස්සි ගිය මුත් හඩ අදුනාගතත් අයේශා මුහුන සංවර සිනහවකින් සරසා ගත්තේය.. 
*ගුඩ් මෝර්නින්ග් අම්මි.. මි දුම බලන්න අාවා.. බලන්නකෝ මිදුම ...අපේ මුලු මිදුලම වැහිලා..*
සදලු තලයේ හිද බලද්දි පහල වු කුඩා මිදුල පෙනුනේ අලුපැහැති ගගක කොටසක් ලෙසිනි.. එ දෙසට අත දිගු කරමින් පවසි සිටියේ අයේශා විසිනි.. පසුව මවගේ අත තිබුනු තේ කෝප්පය ගෙන ඉන් උගුරක් බොමින් හිරු නැගෙන අහස්කොන දෙස අැය බලා සිටියේ නිහඩවය.. 
*ක්ලාස් යන්නේ නැද්ද අද* 
* යනවා යනවා.. තව ටිකකින් ලැස්ති වෙන්නම්* අයේශා මව අැසු පැනයට එලෙස පිලිතුරු දෙද්දි මව හැරුනේ එතනින් පිට ව යාමටය.. 
* තාත්තිත් එක්කම යන්න පුලුවන් ඉක්මනට ලැස්ති වුනොත් * එසෙ කියමින් මව පිටත්ව යද්දි 
* තාත්තිට හදිස්සියිනම් යන්න කියන්න අම්මි.. මට හදිස්සියක් නැ * 
අයේශා ප්‍රිය කලේ තනියෙන් යැමටයි.. මගින් හමුවන අැගේ මිතුරියන් සමග දොඩමලු වෙමින් පයින් යැමට අැය මහත් සේ අැලුම් කලාය.

අයේෂා පවුලේ බාල දියනියයි.. අැයට සහෝදරයෙක් සිටි අතර ඔහු අැයට වඩා අවුරුදු 9කින්ම වැඩි මහලු විය.. නැගෙනිය වුවත් ඔහුට අයේශාව නුරුස්සන සුලු වුනු නිසා ඔවුන් දෙදෙනා අතර තිබුනේ වෙන නැතුවාට තිබෙන්නාක් මෙන් සහෝදර බැදීමකි.. 

සදලු තලයේ හුන් අයේශා දෙස කිසිවෙක් දිගු වේලාවක හිද බලා සිටින්නාක් මෙන් අැයට හැගෙන්නට විනි.. එය ගනනකට නොගත්තත් පරික්ශාකාරිව අැය මාර්ගය දෙස බලා සිටියාය.. අැගේ දෘශ්ටි පතය සෙමින් නිවසේ ගේට්ටුව දෙසට යොමුවත්දි එහි යම් සෙලවිමක් අැයට අපහැදිව මුත් දැක ගන්නට හැකි විනි. අැය එ් දෙසම නෙතු යොමා සිටිද්දි ගේට්ටුව ලග හිද යම් අයෙකු එම ස්තානයෙන් පිටවනවාක් මෙන් දැක අැය යම් තරමකට තැති ත්තාය.. 
මාර්ගයේ ගමන් ගත් කවරකු හො විය හැකියි සිතා අැය සදලු තලය හුදකලා කරමින් එතනින් ඉවත්ව ගියේය.. 

නිවසින් පිටවු අැය පන්තිය යනතුරුම ගමන් කලේ පයිනි.. අැයත් සමග අැගේ යෙහෙලියන්ද මගින් එක් වන්නෝය.. සිනහ දොඩමලුවෙන්ම ගමන් කරද්දි ඔවුනට පන්තියට අැතුල් වන තෙක් විඩාවක් නොදදැනෙන්නට විනි.. 

විවේක කාලය තුලදි අාහාර ගැනිමට පන්තියෙන් පිටතට එ්ම ඔවුන්ගේ පුරුද්දකි.. 
අයේශා දෙස අයෙකු ගුප්ත බැලුම් හෙලනා බැව් අැයට දැනෙන්නට වු නිසා අැය සිව් දෙසටම සිය දැස් යොමු කලේය.. මෙවරත් අැය නිවැරදිය. මුහුන පුරා රැව්ල වවාගෙන සිටි ගුප්ත පෙනුමැති අයෙක් අැය දෙසටම නෙත් යොමා හිදි. අැය ඔහු දෙස බලද්දි ඔහු දැස් වෙනතකට යොමු කලේය.. 

*දිලිනි මහ අමුතු මිනිහෙක් මන් දිහා බලන් ඉන්නවා.. එක පාරට බලන්න එපා ශේප් එකේ වම් පැත්තෙන් පිටිපස්ස බලපන්කො.. * 
අයේශා තම මිතුරියට ඔහු පිලිබද සැල කලේය.. මිතුරියද අැය කිව් ලෙස ඔහු දෙස බලා 
*අර රැව්ලද බන්.. කොහෙද යන පැනියෙක්ද කොහෙද.. පැනියෙක් වෙන්න කලින් උට මිනිහෙක් වෙන්න උගන්නන්න වෙයි.. බලහන්කො හැටි වැද්දෙක් වගෙ ඊයා*

අයේශා සහ මිතුරිය වරින් වර පරික්ශාකාරි දැසින් බලද්දි එම ගුප්ත මිනිසා එතනින් ඉවත්ව ගියේය.. 

අයේශාගේ වයස 23කි .. අැය හදාරමින් සිටියේ ව්‍යාපාර කලමනාකරණ පාඨමාලාවකි.. 

පාඨමාලාවට පැමිනි නව සිසුවෙක් විනි.. පැහැපත් පෙනුමක් හිමි වු ඔහු ඉතාමත් කඩවසම් ය.. අයේශා ඔහුව දුටු පලමු අවස්තාවේදීම ඔහු කවරෙකු දැයි හදුනාගත්තේය.. ඔහු නමින් විරාජ් වු අතර අයේශාගේ පියාගේ ව්‍යාපාරික හවුල් කරුවෙකුගේ පුතෙකි.. මිට පෙර හදුනාගෙන නොමැති වුවත් ඔවුන් දෙදෙනාට දෙදෙනා කවුරුන් දැයි හොදින්ම දැන සිටියේය.. 
අයේශාටත් වඩා සුන්දර තරුනියන් එම පන්තිකාමරය තුල වුවද විරාජ්ගේ අැස් නැවතුනේ අයේශා ලග පමනි.. 
විරාජ්ගේ මුවග වු සිනහාවෙන් අයේශා මත් වුවා මෙනි.. වරින් වර ඔහු දෙසට නෙතු යොමු කලේය.. එ් සෑම අවස්තාවකදීම විරාජ් ද අැය දෙස බලමින් මද හසරැල්ලකින් සංග්‍රහ කරන්නට විනි.

දිනෙන් දින මෙලෙස ගත වන්නට විය.. ගුප්ත මිනිසාද නිතරම අයේශාගේ නෙතු ගැටිනි.. අැය දෙස ඉතාමත් ඔ්නැකමින් බලා සිටින ඔහු දුටු විට තරමක බියක්ද අැය තුල හටගනි.. 
මේ අතර තුර විරාජ්ද අයේශාට ටිකෙන් ටික ලන්වීමට පටන් ගෙන අැත.. 
මුලින්ම ඔහු මිතුරෙකු වශයෙන් අයේශා සමග දොඩමලු වි ඊට දින දෙකකට පසු අයේශාගෙන් පෙම් සබදතාවයකට කැමැත්ත විමසා සිටියේය.. එය නුහුරු අත්දැකිමක් වු නිසා අයේශා එය තරයේම ප්‍රතික්ශේප කලේය.. නමුත් ගොඩනගාගත් මිත්‍රත්වය තවමත් එලෙසින්ම පවතී.

දිනය 2016 පෙබරවාරී 3

එම දිනය අයේශාට තරමක මුස්පේන්තු විය.. පන්තියට යැමට ගේට්ටුවෙන් පිටවත්දිම ඉදිරියට හමුවුනේ ගුප්ත මිනිසාය.. එකම ස්තානයකට වි සිටි ඔහු අයේශා මාර්ගයේ තරමක් ඉදිරියට යනතුරුම නොසෙල්වි බලා සිටියේය.. බියට පත්ව පිටුපස නොබැලු අැය මිටර් 50ක් පමන ගොස් පිටුපස බැලුවේ ක්ශනිකවය.. නමුත් එවිට එ් ගුප්ත මිනිසා සිටි ස්තානයේ තවදුරටත් ඔහු සිටියේ නැත.. 
ලයට අත තබා සැනසුම් සුසුමන් හෙලි අැය ඉදිරියටම පා තැබුවේය.. එදින අැගේ යෙහෙලියන් දෙදෙනාද පැමිනියේ නැත.. එම නිසා අැයට තනිව ගමන් කිරිමට සිදුවිනි.. 
ගුරුවරයාද පන්තියට පැමිනියේ තරමක් ප්‍රමාධවයි.. 
ගුරුවරයා පන්තියට ප්‍රමාධ වි පැමිනීමට හේතුව ලෙස පැවසුයේ ඔහු පැමිනි මාර්ගයේ රිය අනතුරකින් තුවාල වි සිටි අයෙක්ව රෝහල් ගත කිරිමට සිදුවු බවයි.. 
එම පුවත අයේශාගේ දවස තවත් මූසල කලේය.. කිසිවක් නොපවසාම විරාජ්ද විවේක කාලයේදි පන්තියෙන් පිටව ගිය නමුත් නැවත පැමිනියේ නැත මිට පෙර අවස්තාවලද විරාජ් එලෙස පිටව ගොස් අැත. 
නමුත් එයද අමුතු සිදුවීමක් යැයි අයේහාට හැගුනේ තම යෙහෙලියන්ද නොමැතිකම නිසා අැයට තිබුනු පාලුවට විය හැක.. 

පන්තිය නිමා විනි. සවස් කාලයේද අයේශාට පැමිනිමට සිදුවුයේ තනිවය. අැය එය එතරම් ගනනකට නොගත්තත් සිතෙහි යම් චකිතයක් වුවේය.. 

අැය පැමිනි මාර්ගයේ කිසිවෙකු නොවිය.. එක් වැන් රතයක් පමනක් මාර්ගය අයිනෙහි නතර කෙරි තිබිනි. 
අයේශා එම වැන් රතය පහු කෙරෙනවාත් සමගම ඉක්මනින් රතයෙන් පිටවුනු කිසිවෙකු අැයව තදින් ග්‍රහනය කරගත්තේය.. ඔහු සිටියේ මුහුන අාවරනය කරගෙනය .. අැය කැගැසිමට උත්සහ කරද්දි අැයගේ මුවට ලේන්සුවක් තබා අැයව වැලැක්වුවේ දැඩ්ව ග්‍රහනය කරගෙනය.. තප්පර කිහිපයකින් අැයට සිහිනැති වුයේ ලේන්සුවේ ක්ලෝරෆෝම් වැනි රසායනිකයක් තිබෙන්නට වු නිසා වය හැකිය.. 

අැයට සිහිය පැමිනි විට අැය සිටියේ කලුවර කුටියකය.. අැගේ සිනිදු දැත් සහ තරමක රලු වෙදනාවක් දැනිනි. අැයව අැදක තබා දැත් සහ දෙපා බැද දමා අැත.. මුව තුලටද යමක් දමා බැද අැත.. හුදෙක් මුව ුල තිබුනේ රෙදි ගුලියක් විය හැක.. වත පුරා ඔබ මොබ දැනුන සීතල අැයට පසක් කලේ අැය සිටියේ නිරුවතින් වගයි.. කිසිවෙකු විසින් අැගේ වත වු සියලු වස්ත්‍ර ගලවා දමා අැත.. 
තරුනියක් වු අැයට එම හැගිම කෙලෙස දැනෙන්නට අැත්ද.. වෙගෙන් හැෙන හදවතද මනස පුරා දුවන බිය දුක මෙන්ම ලැජ්ජාව අැයට ගෙන දුන්නේ මාරාන්තික වේදනාවකි.. 
කවරෙකු හො කාමරයට අැතුලු වු බව කලුවරට හුරුවුනු අැගේ දැස් වලට දිස් විය.. 
එම පුද්ගලයා අැයට ලන්වෙත්ම අැය තුල වු බිය කෙමෙන් කෙමෙන් තවදුරටත් වැඩිවන්නට විනි.. 
අැය කැගැසිමට වෙර දැරුවත් එම උත්සහය නිශ්පල වි ගියේ තරමක හඩක්වත් පිටව නොවෙන ලෙස අැගේ මුව තදින් බැද අැති නිසා වෙනි.. අැයට කල හැකි එකම දෙය වුයේ බියෙන් සෙලවිම පමනි.. 
නමුත් අැය වෙත පැමිනි පුද්ගලයා නතර වුයේ අැගේ සිරුර මතය.. 
අන්ධකාරය අයේශාට ඉතාමත් රලු විය.. පෙර නොවිදි උනුසුමක් අැගේ අාත්මයම වේදනාවෙන් දවාලුවේය.. සමනලයෙකුදු නොවැසු ප්‍රියංකර මලක් එලෙසින්් මිලාන වි යද්දි කෘෘර ලෙස එකෙකු සැනසෙන්නට දිගින් දිගටම උත්සහ කලේ බලහත් කාරයෙන්ම අැගේ වත පෙලමිනි. වතටද හිතටද දිගින් දිගටම දැනෙනා වේදනාව තව දුරටත් දරාගත නොහැකි අැයව සිහිමුර්ජා විය.. 

දැස් පියන් සිටිද්දි අැයට සිදුවුනු සියල්ල සිහිපත් විනි.. තිගැස්සි *අම්මා * යැයි කැගසමින්ද හඩමින්ද අැය දැස් විවර කරමින් නැගි සිටියේ ෙරා්හල් අැදක් මතිනි.. අැගේ මවද අැය ලගටම වි හුන් නිසා

*දැන් ඔක්කම හරි දු බය වෙන්න එපා.. ඔයා ඉන්නේ අම්මා ගාව..* 
අයේශා ගොලු වි සිටියේය.. කිසිවක් කියාගැනිමට නොහැකි විනි අැය කලේ දිගින් දිගටම ඉකි බිදිම පමනි.. අයේශාගේ මවගේ බ්ලව්සය අයේශාගේ කදුලු වලින් තෙත් ව අැත.. තමාගේ ලයට තදින් තුරුලු වි හඩන අයේශාගේ හිස අතගාමින් අයේශාගේ මවද නොඅැසෙන පරිද්දෙන් හෙමින් ඉකිබින්දේය.. 

සිදුවු දෙය නිසා කම්පනයට පත්ව හුන් අයේශා යලි යතාතත්වයට පත්විමට දින දෙකතුනක්ම ගතවිනි.. 
සිදුවු සියල්ලම නිවැසියන්ට පැවසුවේ අැය බිදුනු වචනයන්ගෙනි .. පොලිසියටත් අැය දන්නා කරුනු පැවසුවේය.. 
අැය රෝහල තෙක් පැමිනියේ කෙලෙස දැයි අැයද දැනගත්තේ පොලිසියට මව ලබා දුන් කට උත්තරය නිසාවෙනි.. 

කවුරුන් හෝ විසින් අැයව නිවසේ ගේට්ටුව අසල දමාගොස් තිබිනි. එය කලේ රැගෙන ගිය අය විසින්ම බව සැක කරන බවද එ වන විටත් අැය සිහිමුර්ජා වි සිටි හෙයින් අැයව රොහල් ගත කල බැව් අැයගේ මව පොලිසියට කට උත්තර දුන්නාය.. 
නමුත් එය කවුරුන් විසින් සිදු කරන ලද්දක්ද සොයාගැනීමට පොලිසිට නෙහැකිව ගියේ
එම සිදුවිම සිුවි දින කිහිපයක් ගතව අැති නිසා DNA ලබාගැනිමට නොහැකි විමෙනි..
නමුත් අයේශා එය ගුප්ත මිනිසා විසින් කරන ලද්දක් යැයි තරයෙම සැක කරන බැව් පවසා සිටිටයේය.. 

අයේශාට සිදුවු දෙය අැයගේ මිතුරු මිතුරියන්ටත් නොරහසක් විය.. 
අැය පන්තියට පවා ගියේ අකමැත්තෙනි.. නමුත් පාඨමාලාවට මුදල් ගෙවා අැති නිසා අැය පන්ති නොයා සිටිමටද අකමැති විය. අවසන් වශයෙන් නිවසින් ලබා දුන් අාරක්ශාව මැද අැය පෙර ලෙසින්ම පන්තියට ගියාය. දින කිහිපයක් යන තුරු ගුප්ත මිනිසා අතුරුදහන්ව හිද යලිත් මතු වන්නට පටන් ගත්තාය.. අැය දෙස නෙත් යොමා හිදිම තවමත් ඔහු නවතා නැත.. 

දිනක් විරාජ් විත් අයේශාව මුන ගැසිනි.. 

*අයේශා ඔයාට වෙච්ච කරදරේ ගැන මට අාරන්චි වුනා.. අයිම් වොරි අබවුට් ඉට්.. එ්ත් අයේශා ඔයා දුක් වෙන්න එපා.. වුනේ අපි හීනෙකින්වත් හිතපු නැති දෙයක් තමයි.. එ්ත් මගේ හිතේ ඔයාට තියන අාදෙරන් බින්දුවක් වත් තාම අඩු වෙලා නැ.. එ් දේ වුනේ ඔයාගේ වරදකින් නෙවෙයි.. ඔයා මගේ යොජනාවට දැන්වත් කැමතිවෙනා නම් මම හෙට වුනත් ඔයාව මැරි කරන්න කැමතියි අයේශා..*

*විරාජ් ඔයා මට අනුකම්පා කරනවද*
අැය විමසා සිටියේ පැරුනු සිතේ අැති වු වේදනාවෙන් මුහුන බෙරි කරගෙනය.. 
*මම අනුකම්පා කරන්න දන්නේ නැ අයේශා මම දන්නේ අාදරේ කරන්න විතරයි..*
අැය කිසිවක් නොපවසා නිහඩව එතනින් පිටව ගියේ දෑස් පොලවට යොමු කරවාගෙනයි. 

නමුත් සිදුවු දෙයින් පසු විරාජ්ගේ අාදරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බැව් ඔහු විසින්ම අැයට පැවසිම ඔහු කෙරේ අැගේ සිතෙහි පැහැදීමක් අැති කරවීමට සමත් කලේය.. 
දිනෙන් දින ගතවෙත්දි එම පැහැදිම අයේශාගේ සිත අාදරයක් අැති කරවිමට සමත් විය.. 
අැය එකි අාදරය විරාජ් හට පවසා සිටියේය.. දින කිහිපයක් ගතවුනු පසුව දෙදෙනාගේ නිවාස වලටද එ් බැව දන්වා සිටියේ ය.. විරාජ්ගේ කිසිදු වරදක් නැතිකම හා පවුල් අතර සම්බන්ධයට වෙනත් කිසිදු බලපෑමක්ද නොමැති වීම අයේශාගේ පියාගේ කැමැත්ත ඔවුනට ලබාගැනීමට අස්වැසිල්ලක් විය.. 
නමුත් ඔව්න්ගේ මේ සම්බන්ධය අයේශාගේ මවගේ මානසික වියවුල නැති කර දැමීමට සමත් විය. 

විවාහය ඉක්මන් කිරිමටද දෙමාපියන් දෙපල විසින් යෝජනා කරගෙන අැත.. 

දිනය 2016 මාර්තු 11 

දහවල් කාලයේදි අයේශාගේ කන වැකුනු පුවතක් අැයව ඉතා කනස්සල්ලට පත් කලේය.. 
අැය සිය මාපියන් සමග කෙලින්ම ගියේ රෝහලටයි.. එ් වන විටත් විරාජ් සිය අවසන් හුස්ම හෙලා තිබිනි.. ඔහුට පුද්ගලයෙකු විසින් දරුනු ලෙස පිහි පහරවල් කිහිපයක් අැන තිබිනි.. ෙවෙද්ය වරු කෙතරම් උත්සහ කලද ඔහුගේ ජිවිතය රැක ගැනීමට නොහැකිව අැත. 
මිය ගිය දේහය වැලදගෙන අයේශා වැලපෙන්නට පටන් ගත්තේය.. සිදුවු දෙය අැයට නරක සිහිනයක් සේ දැනින.. අැය මානසිකව කඩා වැටිනි.. හදවතේ ඉතිරි ගිය අාදරයම කදුලු ගංගාවක් වි නෙතු මතින් ගැලුවේ සිය කොපුල් තෙත් කරමිනි.. විරාජ්ට ලෝකයෙන් සමුගන්නට වූයේ තමන්ගේ පව්කාර කමට බැව් අැය සිතා සිටියේ දැඩිවය.. නමුත් අැය ඉතා ඉක්මනින් සිදුවු සියල්ල නිසා මානසික කඩාවැටිමකට බාජනය වි අැත.. විරාජ්ගේ අවසන් කටයුතු අවසානයේදි ඔවුනට
දැනගන්නට ලැබුනේ ඔහුගේ ඝාතකයා පොලිසියට බාර වි අැති බවයි.. 

දැඩි කරගත් කෝපයකින් යුතුව අයේශා කෙලින්ම ගියේ පොලීසියටයි.. අැය සැක කල පුද්ගලයාම එහි විනි.. එ් අන් කවරෙකු නොව අයේශාට දිගින් දිගටම බැලුම් හෙලන ලද ගුප්ත මිනිසාය.. විරාජ්ව ගාතනය කිරිමට හේතුව පෞද්ගලික අාරවුලක් නිසා බව පොලිසියට ප්‍රකාශ ක අැත.. 
නමුත් අයේශාට ඔහුගෙන් ප්‍රශ්න කිරිමට අවශ්‍ය විය.. 
එවෙලෙහි සිත් වු කේන්තියෙන් බැන වදිමින් අැයට අැති ප්‍රශ්න සියල්ල විමසා සිටියද ගුප්ත මිනිසාගෙන් එ් කිසිවකට පිලිතුරු නොලැබිනි.. ඔහු කලේ මද හසරැල්ලකින් යුතුව අැය දෙස බලා හිදිමය.. 
නමුත් අැය පොලිසියෙන් නික්ම යද්දි ඔහු සිය හඩ අවදි කලේය.. තරමක් ගොරහැඩි වු එ් කටහඩ තරමක් රලුය.. 

*නෝනට මිටත් වඩා දුකක් දැනුන දවසක අායේ මාව අැවිත් හම්බවෙන්න* ඔහු එසේ පවසමින් සිනහවෙද්දි එම සිනහව පිලිකුල් කල අයේශා ඔහුගේ මුහුනටම කෙල පහරකින් සංග්‍රහ කර නෙතු මත්තේද කදුලු පුරවාගෙන පොලිසියෙන් පිටව ගියේ සිය දෙමාපියන්ද සමගයි.. 
අයේශාව දුශනය කල සිදුවිමද විරාජ්ගේ ඝාතනයද එකකට එකක් සහ සම්බන්ධ බව අදිකරනය විසින් තීන්දු කොට ගුප්ත මිනිසාව බර වැඩ සහිතව ජිවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන්නට විය.

දිනය 2016 අගෝස්තු 28 

විරාජ් මිය ගොස් මාස ගනනක් පසුවි අැත.. නමුත් ඔහු තවමත් අයේශාගේ සිත තුල විරාජමානව ජිවත් වෙයි.. නමුත් වියෝ දුක අැය විදදරාගැනීමට හුරුව අැත.. 
සිය නිවසෙහි යම් අාරවුලකි.. එය අැතිකරගෙන අැත්තේ අයේශාගේ සහෝදරයා විසිනි.. ඔහුට තිබුනේ දේපල සම්බන්ද ගැටලුවකි.. ඊට හේතුව පියාගේ ව්‍යපාරය අයේශාගේ නමට ලියා අැති බව ඔහුට සැලවීමෙනි.. 

*අරන් හදාගත්තු එකීට රජකම දීලා තමන්ගේ එකාව නිකමෙක්ම කරා.. ඔයාලා මොන වගේ අම්මා තාත්තලාද?*
එක් අවස්තාවකදි සිය සහෝහරයා විසින් රලුව පැවසු දෙයක් අයේශාව මහත් වියවුලකට පත් කලේය.. 
අයේශාගේ පියා අයේශාගේ සහෝදරයාගේ මුව වසාදැමුවේ කම්මුල් පහරක් ලබා දෙමිනි.. 
නමුත් අයේශාගේ මුව ඉන් විවර විය.. 
*මම අරන් හදාගත්තු දරුවෙක්ද ?*
අයේශා පැවසුවේ එපමනකි අැය අතින් මුව වසාගෙන කාමරයට ගොස් දොර වසාගත්තේ ය.. පියා දැඩි පර්ශ්‍රමයක් යොදා කාමරයට අැතුලු වුනේ දොර කඩාගෙනය.. 
ඔහු සමග අයේශාගේ මවද කාමරයට අැතුලු විය.. 
අයේශා යහන මත කොට්ටයකින් මුහුන සගවාගෙන හඩමින් සිටියි.. 

අයේශාගේ මව දුවෙකුට දැඩිව අාශා කල නිසා අැයව අරන් හදාගෙන සිටි බවත් අැයගේ දෙමව්පියන් අනතුරකින් මියගිය බවත් අැයට තවත් සහෝදරයෙකුද සිටි අතර ඔහුද එම අනතුරින්ම මිය ගොස් අැති බවත් අැයට මව සහ පියා සංයමයෙන් යුතුව පහදා දුනි.. වැදිමට නොහැකි වුවත් තමන්ගේ දාරක ස්නේහයේ කිසිම වෙනසක් නැති බවත් අැයට පවසා සිටියේය.. 

නමුත් අැයට කාත් කවුරුවත් නොමැති වන් හැගිමක අැය පැටලිනි.
විරාජ්වත් දැඩිව මතක් වන්නට පටන් ගත්දි අැයට ගුප්ත මිනිසා අවසන් වරට කල ප්‍රකාශය සිහිපත් විනි.. 

*නෝනට මිටත් වඩා දුකක් දැනුන දවසක අායේ මාව අැවිත් හම්බවෙන්න* 
කෙසේ නමුත් පිලිකුලෙන් වුවද ගුප්ත මිනිසාව මුනගැසිමට අයේශා සිතා ගත්තේය..

අැය බන්දනාගාරයට පිවිස ගුප්ත මිනිසාව මුන ගැසිමට අවසර ගත්තේය.. 

ඔහුව නිදහස් සිර කුටියකට දැමු අතර 
අයේශාට ඉන් පිටත සිට ඔහු හා වචන හුවමාරු කරගැනීමට අවස්තාව ලැබිනි.. 

*නෝනට මාව හම්බවෙන්න වෙයි කියලා දැනන් හිටියා.. නෝනා අාවේ මම විරාජ්ව මැරුවේ අැයි කියලා දැනගන්න වෙන්න අැති.. *

*උඹ මට තිබිච්ච පෙරෙතකමටනේ බල්ලෝ එ් අහිංසකයාව තිරිසන් විදියට මරලා දැම්මේ.. මම එ්ක දන්නවා..* 
* නැ නෝනා එ් කතාව වැරදියි.. * ගුප්ත මිනිසා එලෙස පිලිතුරු දුන්නේ සෙමින්ය
*මාව අරන් ගිහින් මගේ හැමදේම උදුරගත්තේ මට තියන පෙරේත කමට නෙවෙයි එතකොට*

*මම මිනිමරුවෙක් තමයි.. එ්ත් වනචරයෙක් නෙවෙයි.. මම විරාජ්ව මැරුවේ ඔයාව මරනෙන් බේරගන්න.. *
මම නෝනා දිහා උවමනාවෙන්ම බලන් හිටියා කියලා නෝනා දන්නවනේ.. නොනා ගෙදර ඉද්දි පන්ති යද්දි මේ හැම තැනදිම මම නෝනා දිහා බලාගෙන හිටියෙ.. එ්ත් එක දවසක් මට නෝනව මග අැරුනා.. එදා තමයි නෝනට එ් දේ වුනෙ.. එදා නොනගේ පන්තිය ලගපාතදිම කාලකන්නි බල්ලෙක් මාව වාහනෙන් යට කරගෙන ගියා.. නෝනට ගිය ක්ලාස් එකේ සර් තමයි මාව ඉස්පිරිතාලෙට අරන් ගියේ*
ඔහු පැවසු දෙයත් සමගම අයේශා එම දිනය සිහිපත් කලේය.. ගුරුතුමා ප්‍රමාධ වි පැමිනි හේතුව ලෙස පැවසු දෙය මෙයට සමාන නිසා හා ගුප්ත මිනිසා පවසන දෙය සත්‍යක් බව අැයට වැටහිනි..

*නෝනට එ් දේ කලේත් විරාජ් කියලා නොනා දැන් වෙනකම් දන්නේ නැතුව අැති.. මම ඉස්පිරිතාලේ ඉදන් අාව ගමන් පොලිසියෙන් මාව අරන් ගිහින් ප්‍රශ්න කලා . නෝනට කරදර කලේ මමද අහලා.. නෝනා දිහා බලන් හිටියට මම එහෙම දෙයක් කලේ නැ කිවම පොලිසිය පිලිගත්තා.. මොකද පොලිසියට කිසි සාක්ශියක් තිබුනේ නැ. මම කියන දේ වැරදියි කියන්න.. 
මම නොනට ලන් වෙන්න හදපු විරාජ් ගැන හොයලා බැලුවා විරාජ්ගේ පස්සෙන් ගියා.. එ් දෙ කලේ විාරාජ් මයි කියලා මට සැක හිතුනු නිසා 
මම එදා ගියෙත් විරාජ්ව මරන්න.. 
එ්ත් මට අැහුනා විරාජ් නෝනව අනිවාර්යෙන්ම බදිනවා කියලා යාලුවෙක් අතින් කියනවා .. ඉතින් මම හැරිලා එන්න අාවා.. 
එ්ත් උ නෝනට එහෙම දෙයක් කරලා අැයි අායෙම බදින්නේ කියලා ලොකු සැකයක් තිබුනා. නෝනගේ දේපල ලියවගෙන නෝනව මරලා දාන්න විරාජ්ගෙ ගෙදර අය ප්ලැන් කරන් හිටියා කියලා නොනට නිකමටවත් හිතෙන්න නැතුව අැති.. එ් තරමටව විරාජ් නෝනව බොරු අාදරේකින් අන්දකරලා තිබුනේ.. එ්ත් විරාජ්ගේ පස්සෙන්ම හිටි මම එ් හැමදේම දැනගත්තා මිස්.. නොනව මරන්න කලින් එ්කයි මම විරාජ්ව මරන්න තිරනය කලේ.. මට නෝනගේ සතුටට වැඩිය ජිවිතෙයි වැදගත් වුනේ..*

අයේශා විරාජ් පිලිබද කිසි දිනෙක නොසිතු දෙයක් දැන් අැයගේ කන් තුලද දෝන් කාර දෙයි.. 
ඔහු පවසන්නේ සත්‍යක්ද අසත්‍යක්ද යන්න පිලිබද මත දෙක මැද අැය සිටියේ විශ්මිතවය.. 

*මම දන්නවා නෝනට මේක විශ්වාස කරගන්න බැරිව අැති.. එ්ත් ඉතින් මට කියලා පවත්වගෙන යන්න ජිවිතයක් නැති කොට මං බොරු කියලා වැඩකුත් නැ නේද.. නෝනා දැන් දැනගත්තු දේ නෝනගේ හිත හදාගන්න උදව් කරයි.. එදා මම නිහඩව හිටියේ එදා මම මොන දේ කිව්වත් නෝනා පිලිගන්න පුලුවන් තත්වෙක නෙවෙයි හිටියෙ.. මට නෝනගේ අනුකම්පාවෙන් අැති වැඩක් නැ.. එ්ත් නෝනා තවත් එ් තිරිසන් මිනිහා ගැන හිත හිත දුක් වෙන්න එපා..*

අයේශාගේ අැස්වලට කදුලු ඉනුවේ ය.. එ් කදුලු කුමකට පැමිනියාදැයි අැයටවත් කිසා වැටහිමක් නැත.. 

*එ්ත් තමුසේ මොකටද මගේ ජිවිතේ ගැන හිතන්නේ..* 
අයේශා කේන්තියෙන් විමසා සිටියේ සිතේ වු දුක පිට නොවිමටයි.. 

*නොනා.. නෝනට එ්කෙන් අැති වැඩක් නැ.. නෝනාට දැනගන්න ඔ්නි දේ දැන් දැනගත්තානේ නෝනා දැන් යන්න.. *

*මගේ දැන් ඉන්න අම්මා තාත්තත් මගේ නෙවෙයි කියලා අද මම දැනගත්තා.. තමුසෙත් මොනවද තව හංගන්නේ..*

*හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්* ගුප්ත මිනිසා දැඩි සුසුමක් පිට කලේය.. 

*නෝනා එ් එදේ දැන ගත්තද?.. මම හිතුවේ නොනා විරාජ්ව අමතක කරගන්න බැරිව අද එන්න අැති කියලා.. 
නොනා නෝනාගේ අැත්ත අම්මා තාත්තට මොකද වුනේ කියලා දන්නවද *

*අැක්සිඩන්ට් එකකින් මැරුනා කියලා දැනගත්තා*
* මම මේ දේ කියන්න වෙන නිසය වචන හංගන් කතා කලේ.. නොනා දැන් අැත්ත දන්නවනම් මට හංගන්න දෙයක් නැ.. අපි දෙන්නගෙම ජිවිත එක තැනකින් පැති දෙකකට හැරවෙනවා.. *
ගුප්ත මිනිසා තමන් දන්නා සියල්ල කියාගෙන ගියේ ඔහුගේ මතකය අවුරුදු 22ක් අාපස්සට රැගෙන යමින්ය..


 *සමරේ අපි ටිකක් හිමින් යමු..* සමර වික්‍රම මහත්මිය සිය බිලිදිය තද කොට අල්ලාගෙන එසේ පවසන්නට විය.. 
* අපි දැනටමත් පරක්කුයි මාලි.. *
* සමරේ අර අතන අඩ අඩ ඉන්න ලමයා ගාව ටිකක් නතර කරන්න.. * 
සමරවික්‍රම මහතා වාහනය නවත්වද්දි
*දෙය්යනේ මේ අර අතුරුදහන් වුනා කියලා නිව්ස් වල පෙන්නපු ලමයි නේද* යැයි පවසා සිටියේ සමරවික්‍රම මහත්මියය්.. 
*අනේ සමරේ අපි මේ ලමයාව එයාගේ අම්මා තාත්තව හොයලා බාර දෙමු.. අපි යන ගමනට වැඩිය මට මේ දේ වැදගත් සමරේ.. * කාරයෙන් බසිමින් මාලි කියාගෙන අැවිද ගියේ අඩමින් සිටි ලමයා දෙසටයි
*එ්ත් මාලි.. හරි හරි ඔයා මුන නරක් කරගන්න එපා..අපි මෙයාව අම්මා තාත්තට බාර දෙමු .. මෙ ගමන වෙන දවසක යමු*
මාලි එ් දරුවාව සදරු ලගින් වාඩි කලේය.. සදරු ඔහු සමිපයේ අැති අාහාර පාන වලින් සංග්‍රහ කලේය.. බියට පත්ව හිදි කුඩා දරුවා එ්වා පිලිගත්තේ දැඩි කුසගින්නකින් සිටි නිසාවෙනි.
නමුත් සමරවික්‍රම මහතාට ඔවුන් සැලසුම් කරගත් ගමන අත්හැර දැමිටම සිත් නොවීය.. ඔහු ගමන ඉක්මන් කලේය.. නමුත් හදිසියේම ඔහුගේ රතය පාලනය කරගැනිමට නොහැකිව රතය පස්වැටියක වැදි මාර්ගයෙන් විසිවි ගොස් ප්‍රපාතයකට පිවිසුනේය.. 
කාරයේ ජනලයකින් සදරු විසිවි ගොස් තනකොල පදුරක් මතටවැටුනේය.. කාරය නැවතුනේ උඩු යටිකුරුව මෙන්ම අබලන්ව ගිනි ගනිමින්ය.. සමරවික්‍රම මහතා එ් වන විටත් මිය ගොස් තිබුනේ විදුරු කැබැල්ලක් ගෙල පසාරු කරගෙන ගොස් අැති හෙයිනි.. 
සදරු හඩමින් කාරය වෙත ගියේය.. අතරමගදි කාරයට නංවාගත් දරුවාගේද ඔලුව පැලි ලේ ගලමින් තිබුනි..



සදරු *අම්මේ .... අම්මෙ... තාත්ති... අනේ අම්මේ... යයි හඩමින් කාරය වටා කැරකෙයි... 
සමරවික්‍රම මහත්මිය උඩු යටිකුරුව අැති රතයේ ජනේලයෙන් අැගේ අත හුන් දියනියව පොලවෙහි තබා.. 

ජනේලය ලග සිටි සදරුගේ හිස අතගාමින් 
*න න නංගිව පරිස් පරිස්මට බබලාගන්න මමගේ පුතේ * යයි පැවවසුවේ අැස වල කදුලුද බිදෙන සුලු හඩිනි.. අැගේ සුලු කෙදිරියද තප්පර කිහිපයකින් නැතිව ගියේය.. සදරුට වයස අවුරුදු 6ක් මුත් තමන්ගේ මව ජිවිතයෙන් සමුගෙන සිටි බව ඔහුට තරමක හෝ වැටහිමක් තිබුනි.. 
ඔහු හැක උපරිමයෙන් කැ ගසා හැඩුවක් කිසිවෙකු පැමිනියේ නැත.. කුඩා දියනියද සිටියේ හඩමිනි. 
අපහසුවෙන් මුත් කුඩා බිලිදියව වඩාගත් සදරු අැවිදගෙන ගියේ කවුරකු හෝ සිටිත්දැයි අපේක්ශාවෙනි.. නමුත් කිසිවෙකු අාවේ නැත.. ඔහු අත හුන් අවුරුද්දක බිලිදිය කුසගිනි වි හඩයි.. ඔහු නැවතත් කාරය වෙත ගියේ අැයගේ කිරි බෝතලය තිබේ දැයි බැලිමටය.. 
අැයව කාරය ලගින් බිම හිදුවා සදරු කාරය තුලට ජනේලයකින් අැතුලු වි කිරිබෝතලය පරික්ශා කලේය.. ඔහු කාරයෙන් ඉවතට පැමින අනෙත් පසට ගොස් පරික්ශා කලේය.. කවරකු හො පැමිනෙන බවක හඩක් අැසි සදරු සැගවිනි..


දර සොයා පැමිනි ජෝඩුවක් සිදුවි අැති දෙයද හඩමින් සිටින බිලිදියද දැක ගත්තේය.. 
කාන්තාව හැට්ටයෙන් පියයුරක් මුදා බිලිදියගේ කුසපුරවන්නට විය.. සදරු සියල්ල දෙස සැගවි බලා සිටියේය.. ෙජා්ඩුව කාරය පරික්ශා කර එතනින් ඉවත් ව යද්දි ඔවුන් පසු පසම සදරුද සැගව ගියේය.. 

ඔවුන් දින කිහිපයක් කුඩා බිලිදියව අාදරයෙන් රැක බලා ගන්නට විය..විසි කරන ලද අාහාර වලින් කුස පුරවා ගත් සදරු නිදාගත්තේ ගස් උඩය.. ඔහු පිලිබද කිසිවකු දැන නොගත්තේ සදරු කිසිවෙකුගේ අැස් ඉදිරියට නොයා තම නැගෙනිය පිලිබදම සෙවිල්ලෙන් උන් හෙයිනි.. 

දිනක් ගැමි යුවල බිලිදියද සහ ඔවුන්ගේ දරුවාද කැටුව ගියේ නගරයටයි.. සදරුද එ් පිටුපසම ගියේය.. එක් නිවසකට අැතුලු වුනු ඔවුන් දෙදෙනා නිවසින් එලියට අාවේ බිලිදිය නැතිවය.. 
නිවසට සොරෙන් අැතුල් වු සදරුට දැකගත හැකි වුනේ තම නැගෙනියව අාදරයේ රැක බලාගන්නා තම මවුන්ට සමාන කාන්තාවකි.. 
එතැන් පටන් සදරු සිටියේද එ් පුදේශයේමයි. සැගවි ජිවත් වු සදරු නම් එම කුඩා දරුවා කැම බිම සොරකම් කරන ලද හෝ විසිකරන ලද අාහාරයකින් කුස පුරවා ගත්තේය.. වස්ත්‍ර සොයාගත්තේද එලෙස සොරකම් කිරිමෙනි
වයසින් වැඩෙත්ම මිනිසුන් සමග මුහු විය.. 
කුලි වැඩක් කරමින් මුදල් ඉපයිමට පුරුදු විය.. 
කෙසේ කුමක් කලත් නිතරම අවදානය තම නැගෙනිය වෙත යොමු කරගවාගෙන සිටියේය.. 

ගුප්ත මිනිසා නොහොත් සදරු තමන්ගේ කතාව කියාගෙන යද්දි මව මියගිය අයුරු පැවසුවේ සිර කුඩුවේ යකඩ පොලු දැඩිව අල්ලා ගෙන ඉතා වෙහෙසකිනි.. ඔහු එසේ කලේ සිතෙහි වු දුක පිටට පෙන්විටම අැති අකමැත්ත නිසාවෙනි.



 *ඔයා තනිවෙලා නැ නංගි.. ඔයාගේ ඔය අම්මයි තාත්තයිත් ඔයාට අපේ අම්මා තාත්තා වගේම අාදරෙයි එ්ක මම මගෙ අැස් දෙකටම දැක්කා.. අම්මාගේ අන්තිම වචනෙයි මම රකින්නේ.. ඔයාගේ අාදරේ උදුරගන්න වුනාට මට සමාවෙන්න.. අායේ කවදාවත්ම මෙහෙට එන්න හිතන්නවත් එපා ඔයාට එ්ක හොද නැ නංගි. පුලුවන්නම් එකම එක පාරක් මට අය්යේ කියලා කතා කරනවද *





මොහොතකට පෙර ඉතාමත් පිලිකුල් කල පුද්ගලයාම අයේශාගේ සිත දැඩිව ස්පර්ශ කර අැත.. අැය තුල වු ෙවෙරය පහව ගොස් එ වෙනුවට වචනෙන් විස්තර කල නොහැකි හැගීමක අයේශා පැටලී අැත..
ගුප්ත මිනිසා අයේශාව ගොලු කර දෙනෙත් තෙත් කොට අැත. රජ කරේ දැඩි නහඩ තාවයකි.. 

මොහොතක් නිහඩව හිද * අය්යේ* යැයි පවසා සිරකුටියේ හුන් සදරුගේ එක අතක් අත් දෙකෙන්ම අයේශා අල්ලා ගන්නා විට සදරු අැගේ දෙ අත් ඔහුගේ නලලේහි තබා තද කරගන්නට විය..

ප්‍රදාන වශයෙන් අයේශාගේ ජිවිතයට සම්බන්දවන තැන් පමනක් අලලා මෙය ලිවත් සදරු ලමයෙක් වශයෙන් කෙතරම් දුක් විදින්නට අැත්ද.. කුඩා කාලයේදි දරුවෙක්ට ලැබියම යුතු අාදරය අහිමි වීම ඔහු කෙලෙස විදදරාගන්නට අැත්ද. තරුනයෙක් වශයෙන් ජිවිතය විදිමට අැති අවස්තාව කෙතරම් අහිමි වි අැත්ද? ඔහු මෙතරම් දැ දරාගන්නට අැත්තේ මව කි අවසන් වචන නිසා පමනක් බව සිතිය හැකිද?
සැබැ අාදරය යනු මෙය නොවන්නේද .. 
හිතේ තිබුනු මුත් පිටට නොපෙනෙන ක්‍රියාවෙන් ඔප්පුකරත් එය අාදරේ යැයි නොකියන මේ සහෝදර ප්‍රේමය කෙතරම් උත්තරීතරද? එවන් සහොදර ප්‍රේමයකට දිය හැකි වටිනාකම කොපමන විය හැකිද?.. 
මෙසේ මනස්කල්පිත නිර්මානයක් අැසුරෙන් එවන් සහෝදර ප්‍රේමයන්ට වටිනාකමක් ලබාදිමට උත්සහ කලෙමි.. මෙවරද මා කෙතරම් දුරට සාර්තකද යන්න පැවසිය හැක්කේ පාටක ඔබටම පමනි.. 
කියවු ඔබ සියල්න්ගේම අදහස අපේක්ශා කරමි .. 

සසරක හෝ බවයෙක ්‍ ( සහෝ)
නිමි.. 
-ගයාන් ධනූ-

No comments:

Post a Comment