Friday, September 9, 2016



   *** කාලකන්නියා ***  කෙටිකතාව 

                      *
                      *

සීතල සුලන් ගත වැදුනු මිහිර විය.යකින්නිගේ අව්ව හවස් කාලය චමත්කාර කල නෙතක රසදුනක්ම විය.
ලා රතු පාට ඉර එලිය වැටි ගල් වල හැපි හැපි පෙන කැටි නංවමින්  ගලාගෙන ගිය  දිය පහර මැද නාමින් සිටි ඇය අප්සරාවියක් බදුය.. තෙත් වුනු දිය රෙද්ද ඇගට ඇලි ඇගේ හැඩ මතු කරයි.. නිරුවත් සමට ලා රතු හිරු චලිය වැදි ඇය දිලිසෙද්දි ඇය දෙසම නෙත් යොමා සිටි කුමාර ඇද සිටි සරම වත්තම් කරගෙන සිටියේ යම් වෙහෙසක් දරමිනි..
සරම කැහැපොට ගහගත් ඔහු දනිස් වලට බර දි හිදගත්තේ වැටී තිබින් ගල් අහුරක් අතකට ගනිමිනි..
කුඩා ගල් කැට  වලින් නනා හිටි නදිට රිදෙන නොරිදෙන තරමට පහර දෙන්නට විය..
“’ අනේ ඌයි කුමාර අයියේ ඕක නවත්ත ගන්නකෝ
අනේ ගොඩක් රිදුනද මගේ රත්තරංට  “  ඔහු එසේ කියයමින්ම තවත් ගල් කැටයකින් ඇයට දමා ගසන්නට විය

අනේ ඔය ඉතින් නිකන් ඉන්නකෝ
“’නිකන් ඉන්න තමායි මාත් මේ පෙරුම් පුර පුර ඉන්නේ.... යමුකෝ ගෙට ‘”
අපෝ  මහ....  ටිකක් සංවර වෙන්න ලමයා සංවර වෙන්න
මගේ අඹුවත් එක්ක මං මොන සංවරයක්ද?
ඔයා නම් හරි නරකයි කුමාර අයියේ


නදි
ම්ම්
අමිලයව හැම වෙලේම මතක් වෙනවා නදි  මගේ හිතට මහ බරක් මේක... මම ඌට කලේ ‍කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහි කම.
කුමාර අයියේ දැන්වත් අමිල අයිය ගැන හිත හිත දුක් වෙවි ඉන්න එක නවත්වන්න
අමිල අයියට හොදට මොලේ තියනවා.. එයා තේරුම් ගන්න ඇති මට එයත් එක්ක ඒ විදියට දීග කන්න බැරි විත්තිය..
ඔයාගේ පැත්තෙන් ඔයා සාධාරණ වුනාට මගේ හොදම යාලුවා අමිල.. මිනිස්සු දාහක් අතරින් මනුස්සයෙක් කියලා කියන්න පුලුවන් මනුස්සයෙක්ට මම කරපු බලු වැඩේ මගේ මුලු හිතම පාරනවා කෙල්ලේ
මට ඌ ලග දන ගහන් වැටිලා සමාව ගන්න හිතෙනවා වෙලාවකට
ඒත් ආදරේ ලග මම ගොඩක් අසරණයි නදි..
කුමාර අයියේ අමිල අයියා ගැන හිත හිත ඉන්න එක නතර කරන්නකෝ
ඔයාට වඩා මට දුකයි ... ඒත් මම හීන මවපු මගේම ලෝකයක් තියනවා ..
මට ඒ ලෝකේ එයත් එක්ක ගොඩනගන්න බැ .. ඒකයි මම ඔයත් එක්ක ආවේ

නදි කියපු ඒ කතාවට  කුමාරව ගොලු වෙලා ගියත් කුමාර හිතින් ඇතකට පාවෙලා ගියා..
ඒ ලස්සන අතිතෙකට 
වරක්”,,,

ආදර සම්බන්දතාවයක් බිද වැටි හිතින් වැටුනු  කුමාර ලිදකට පනිද්දි
ඒ ලිදටම පැනලා කුමාරව බේරගත්තේ අමිල..
පසු දින උදෑසනම කුමාරව මුන ගැසීමට ගිය අමිල කුමාරගේ කම්මුල ට පහරවල් කිහිපයක් ගසමින්
“”මිනිහෝ ජිවිතේ ගොඩක් ලොකුයි නිකරුනේ උඹ ගැන හිතන්නෙවත් නැති කෙල්ලෙක් හින්දා නාස්ති කරගන්න එපා .. උඹ මැරිලා ගියා නම් උඹ හිතනව ඔකි උඹේ මිනිය බදාගෙන අඩයි කියලා පිස්සෙක් වෙන්න එපා යකො..
උඹව වදපු අම්මටයි තාත්තටයි දුකක් දෙන්න එපා
ඔය දුක දවස් දෙකයි නැත්තම් තුනයි
ඒතු උඹ ඊයේ මැරිලා ගියානම් උඹෙ අම්මයි තාත්තයි ජිවත් වෙනකම් මැරි මැරි උපදිනවා. තො වගේ මැටි මෝලෙක් උපද්දලා විදින දුකට.””
සොරි මචන් මම හිතුවේ මං ගැන විතරයි ... ඒකි කොහොම වුනත් මම බොක්කෙන්ම ලව් කලානේ බං.
ඉතින් මම කොහොමද බන් ඒකි වෙන එකෙක්ගේ අතේ එල්ලිලා යද්දි හිත හදාගෙන බලා‍ගෙන ඉන්නේ...

දැන් ඔවා අමතක කරපන් කුමාරයා මිනිසුන්ට ඔයිට වඩා දේවල් නැතිවෙනවා .. ඒත් ඒ මිනිසු මැරෙන්නේ නැනේ මොන කට්ටක් කාගෙන හරි ජීවත් වෙනවා..
කුමාරගේ හිත හැදිමට අමිල ඒ තරම් කාලයක් ගත වුයේ නැත..
ගමේම කීර්තිය දිනා සිටි කුමාර සහ අමිල යන මිතුරන් දෙදෙනා හුදෙක් කාලය ගතකලේ එකටමයි.
එකම පාසැලක එකම පන්තිය ඉගෙන ගත් ඔව්න් දෙදෙනාගෙන් අමිල අධ්‍යාපනයට තරමක් වැඩි නැඹුරුවක් දැක්වු නිසා අමිලට සරසවි වරම් ලැබුනි. කුමාර රැකියාවකට යොමු වන්නට විය.
සරසවි ගිය අමිල අවුරුදු තුනකින් නැවත ආවේ අධ්‍යාපන කටයුතු පසෙකින් තබා හදිසියෙම් විවාහ වු නදි සමගයි..
එසේ පැමින සතියක්වත් ගත වීමට මත්තෙන් අමිලට වම්  අත හා වම් කකුල  අහිමි වුනේ කෝච්චියට හසු වී මෙනි..
අමිල ජීවත්වෙන්නේද පෙර කර තිබුනු පිනකටයි.
අමිලටද සාත්තු සප්පායම් කරමින් නිවෙස නඩත්තු කරන්නට වුනේ නදීටයි..
මාස ගනනාවක් මුලුල්ලේ පාද අහිමිව සිටි අමිලද අමිලගේ මවද ජීවත් කලේ නදි විසිනි.
අමිලගේ සැප දුක් සොයා බැලිමට ආ කුමාරට නදි ගැන හිත ‍ගියේ එහිදි ය. නදිටද කුමාර ගැන හිතත වැටුනු නිසා ඔව්න් දෙපලගේ හිතවත් කම ආලවන්තකමක් දක්වා දුර යද්දි කාටත් හොරෙන් නදි සහ අමිල ගමෙන් පිටමන් වෙන්නට විය..

කුමාරගේ මතක පොතෙන් කුමාරව යලි පියවි ‍ලෝකයට ආවේ නදීගේ කැ ගැසීමෙනි

කුමාර අයියේ ඔය තුවාය දාන්න
****************************
****************************

කුමාර හා නදි දෙදෙනා මෙසේ  සෙනෙහසින් දීග කනවිට නදි ගැබ්බර වන්නට විය.
කුමාර නොදැන සිටි පවුලේ රොගයක් නිසා කුමාරව රෝහල් ගත කිරීමට සිදුවුනේ වකුගඩුවක් නරක් වීමෙනි.
නදිට ආයෙමත් සිදුවුනේ අමිලට මෙන් කුමාරටද සාත්තු කිරිමටයි..
මාස තුනක කලලයක් කුසෙහි දරන් ඇ ගිලන්ව සිටි කුමාරට වියදම් කලේ මසා ගත් පා පිස්නා විකිනීමෙනි.
සැම විටම කුමාරට සිතුනේ යහලුවට කල ද්‍රෝහි කම නිසා තමන්ට මෙසේ සිදු වුන බැව් ය.
වකුගඩුවක් ඉවත් කල කුමාර ජිවත් වුනේ එක වකුගඩුවකිනි
ඉන් පසු දොස්තරවරුන්ගේ මතයට අනුව අනෙක් වකුගඩුවද ක්‍ර‍මයෙන් නරක් වී යමින් තිබුනි‍. රෝහලේ  සිටි කුමාර නිසා නදි දවස ගෙව්වේ හැඩු කදුලෙනි.. පත්තර වලට වකු ගඩුවක් ඉල්ලා දැමු දැන්විම දුටු අයෙක් නොමිලේම වකුගඩුවක් පරිත්‍යාග කර තිබුනි. කුමාරට ජිවත් වීමේ බාග්‍ය ලැබුනි.  සුවවිමෙන් පසු කුමාර  නැවතත්  රැකියාව සදහා පිටත් විය.  
නදි කුඩා දියනියක් ලෝකයට බිහි  කරන්නට විය.
කදුලු වලින් තෙත් වුනු කුමාරගේ සහ නදිගේ ලෝකය එලිය කලේ මේ සිගිති දියනියයි...

*************************
*************************


පොලිස් පරික්ශක නුවංගි තමා අතට පත් වුනු බෑගය පරික්ශා කිරිමේදි එහි තිබි දින පොත් කිහිපයක් ගෙන කියවීමට පටන් ගත්තේය. වසර ගනනාවක සිට ජීවිත කතාව දින පොත්වල ලියා තිබුනේ අමිල විසිනි.
උසස් පෙල ජය ගෙන අමිල සරසවි බිමට ඇත.
මුල් කාලයේ ඔහුට මිතුරන් හිද නැත.. ඔහු තම මිතුරා ලෙස තෝරාගෙන ඇත්තේ තමන්ගේ දින පොතයි..
ඔහු පිටුවක එය මෙසේ කටහන් කර තිබුනි..



දනි නුඹ මගේ තනිකම
දරයි නුඹ මගේ පාලුව
මිතුරෙක් නුවුනු සරසවියේ
රහස් රකින මගේ රහස් මිතුරාද
පාලුව නිවන මගේ හොදම මිතුරාද
නුඹයි මගේ දිනපොත.....

වසර දෙකක් යන තුරුම හොදින් අධ්‍යාපනයෙහි නිරත වුනු අමිල සරසවියේ මිතුරන් අතරද ‍හොද නමක් දිනාගෙන තිබුනු සහ අනෙක් අයට නැතුවම බැරි මිතුරෙක්ද වි ඇත. ඉක්මනින් හිත උනුවන ඔහු යහලුවන්ට උදව් කල අවස්තාද යහලුවන් නිසා තමන් අමාරුවෙ වැටුනු අවස්තාද ඔහු දිනපොතේ සටහන් කර තිබුනි.
නමුත් එක් පිටුවක වෙනස්ම දෙයක් ගැන ලියා තිබුනි.
ඒ එක් තරුණියක් ගැන පද පෙලකි...

සරසවියට පැයු පුන් සද - අදද ආවෙ මෙහෙට
එයි ‍මගේ නෙතු නුඹ පසු පස - ඇයිද නොදනිමි මම
දෙවගනකගේ බැල්ම - මත් කලා මගේ නෙතු යුග
ඇයිද මේ මගේ හිත - කිටි කිටි ගාන්නේ මෙහෙම

ඉන්පසු මාස ගනනක් තිස්සේ ඇය හා සුහදත්වයක් ගොඩනගා ගනිමින් මිතුරන් වශයෙන් ඇසුරු කිර හොදන්ම දැන හදුනාගත් පසු අමිල නදිගෙන් ප්‍රේමය විමසා තිබේ නමුත් ඇය කිහිප වරක්ම ප්‍රතික්ශේප කර ඇති විට ඔහු සිතින් කඩා වැටුනු බව දින ‍පොතේ පිටු ගනන් ලියා ඇත.
නදි මම ඔයාගේන් තව ලක්ශ වාරයක් අහනවා
ඔයා ඒ ලක්ශ වාරෙම මාව පිලිගත්තේ නැතත් මම අහනවා
ආදරේ තේරුම්ගත්තු ඔයා අනිවාරයෙන්ම මට කැමතිවෙයි....
කුලුදුලේම ඇති වේච්චි ආදරේට ඔයා හිතන්නෙවත් නැති තරමටම මම ආදරෙයි රත්තරනේ...

ඉන් මාසෙකට පමන පසු නදි අමිලට කැමති වි ඇත
මාස 8ක් පමන ප්‍රේම කිරිමෙදි නදිගේ නිවසින් වු බලකිරිමක් නිසා මොවුන් දෙදෙනාට රහසේම විවාහ වීමට සිදුවිය. අධ්‍යපනය මගනතර කරමින් ඔව්න් ආවේ අමිලගේ නිවෙසටයි.
සතියකින් පමන රැකියාවක් සදහා ඉන්ටර්විව් එකට ගිය අමිල දින සති‍ දෙකකට පමන පසු යලි නිවසට පැමින ඇත්තේ අතක් හා කකුලක් අහිමිවයි.
තමන්ට හා තමන්ගේ මව්ට සාස්තු කරමින් රැකියාවක්ද කරන නදි ගැන ඔහු දින‍පොතේ පිටුවක මෙසේ ලියා ඇත‍‍..

එදා මට මෙහෙම නොවි මැරිලා ගියානම් කියලා හිතෙනවා රත්තරං
ඔයා විදින දුක මට පෙනෙනවා
අතකුයි කකුලකුයි නැති මට ඔය හැටි ආදරේ කරන්න එපා නදි
ඔයාට යන්න ඔනේ කියලා හිතෙනවනමි යන්න නදි
ඔයා මගෙන් ඇතට ගිහින් සතුටින් ඉන්නවානම් මම ගොඩක් සතුටු වෙනවා රත්තරං
ඒත් මං වෙනුවෙන් මෙච්චර නැහෙන ඔයාට ඔයා වෙනුවෙන්වත් පලයන් කියන්නේ කොහෙමද  මං ..
මම ගොඩක් අසරණයි රත්තරං 
දෙවියෝ කියලා කවුරුත් නැ හිටියනම් අපිට මෙහෙම වෙන්නේ නැ...




ඉන් මාස කිහිපයකට පසුව නදි හා කුමාර යන දෙදෙනා හොරෙන්ම ගොස් ඇති බව ලියා තිබුනු අතර
අමිල එයට තරහක් නුවු බව සදහන් කර ඇත්තේද දෙදෙනාට වෙන වෙනම ලියන ලද කවි පෙලකිනි
නදි මාගේ පෙම්වතිය
මා පෝෂනය කල මගේ දෙවැනි මව
සමා වෙන්න මට - නුඹට ගෙන ආ දුකට
නැ තරහක් මට පියඹා ගියත් ඇතට
ලස්සන ජීවිතේ නුඹ විදගන්න සිත්සේ ඔහු සමග “’

කුමාර, සහොදරයෙකි උඹ
කලේ ලොකු උදව්වක් මට
දනිමි හොදින්ම උඹෙ හිත ගැන
ආදරේ ලග අසරන වුනා නේද හොදටම...
රැකගනින් මගේ පන කෙන්ද
පනටත් වඩා ආදරෙයි මම ඕකිට
උඹ මගෙන් සමාගන්න දෙයක් නැත
උඹ මගෙන් පතන සමාව
මම උඹට දුනි නදිත් එක්කම ... “”


 ආදරෙන් හිටි නිසා දුකක් තියෙන මුත් නදිට හා අමිලට එක සිතින් සුබ පතන බවද එහි දක්වා ඇත.
තවද ගමේ වුන් අසන ඒවාට අමිල  තමන් කැමැත්තෙන්ම නදි කුමාරත් සමග පිටත්කර හැරි බව කියා ඇති බව දින පොතක ලියා ඇත.
මිත්රෙක් මගින් කුමාරගේ වකුගඩු  රෝගය දැනගත් අමිල කුමාරට වකුගඩුවක් පරිත්‍යාග කොට ඇත්තෙ නම් ගම් වසන් කරමින්ය..
දින පොත් පිටුවක මේ ගැනද සදහන් කර ඇති අතර පොලිස් පරික්ශක නුවංගේ නෙතු තෙත් කල සටහනක් විය.
උඹට මතකද  කුමාර
ඒ කාලේ අඹ ගස් වල පොලු ගහලා අඹ ගෙඩියක් කඩාගෙන
ඒක ගලේ ගහලා තලලා අපි කාපු හැටි
එක බත් පැකැට් එ‍ක දෙපැත්තක ඉදන් කාපු හැටි
උඹට මතක ඇති ඒත් ඒ කාලේ ගැන කතා කරන්න උඹ මගේ ලග නැනේ
අපි ඒ වගේ උඹේ ලෙඩේත් බෙදා ගමු මචන්
අතයි කකුලයි දෙකම නැති මට වඩා
උඹටයි මගේ වකුගඩුව වටින්නේ අනික උඹ ලගයි මගේ පන ඉන්නේ ....

මෙසේ තමන්ගේ වකුගඩුවද කුමාරට ඔහු පරිත්‍යාග කර ඇත
ඉන් කාලයකට පසු අමිලගේ මව රෝගි තත්වයට පත්වි ඇත. ලනු ඇඹරිය නොහොකි නිසා අමිල නිවෙසින් පිටව ඇත්තේ කුමක්  හෝ රැකියාවක් කිරිමට හැකිවේ යයි සිතාය. නමුත් අතක් කකුලක් නැති අයෙකුට මොඩයෙක්වත් රැකියාවක් නොදෙන බවද ඇති එකම මග සිගමන් යැදිම බවද ඔහු ලියා ඇත‍‍‍...

නැ මට පුරුද්දක් සිගමන් යැදලා ඇති
අත් පා නැත්තෙකුට වෙන රැකියාද නැති
සින්දු කියනු බැරි මට තනු ගයනු බැරි
අමිමගේ කුසගින්න තව ඉවසන්න බැරි


අන්තිම ඩයරියේ ඉන් එහාට කිසිවක් ලියා තිබුනේ නැති අතර අවසන් පිටුවේ කවියක් සහ වෙලාවක් සමග තවත් යමක්


ඉවසුවා ඉවසුවා දුක් ගිනි දහසක්ම
නැති වුනා නැති වුනා කරුමෙට හැම දේම
යනවා යනවා යන්නම මම නේන්නම
බලා සිටිය නොහැක මවුගේ බඩගින්න‍‍‍.....  
                    “”  ලෝකයට මම කාලකන්නි මොඩයෙක් විය හැක
මාව මෝඩයෙක් කල ලෝකය සාධාරණද යන්න මම නොදන්නෙමි
කාලක්නි මොඩයගේ දින පොත නිමි””

_හවස 5 බදුලු කොච්චිය යට_’

ඉන් පසුව නුවංගි අනෙක් ලිපි පරික්ෂා කරන්නට විය
ඔප්පුවක් සහ කුමාරගේ නමට ලියු ලිපියක් එහි විය..
මේ වන විටත් කෝච්චියට පැන දිවි නසාගත් අමිලගේ දින පොත නුවංගිගේ දෙනෙත්වල කදුලු වගුරුවන්නට සමත්ව ඇත...
අමිල ජිවිතය දුටුවිදිය
අමිලට ලැබුනු දේවල්  
අමිලට අහිමි වුනු දේවල් ඒ ඔක්කම දිහා බලලත් සතුටු වෙන්න හේතුවක් හොයපු විදිය .... මේ ඔක්කම එක්ක
ආත්ම ගානක පවු එකම ආත්මයක ගෙවපු අමිලගේ ජිවිතය කියවපු නුවංගි කදුලු හලන්නට වුනේ හිත ඇතුලෙන් ඉකි ගසමිනි...  නාදුනන පුද්ගලයෙකු වුවත් නුවංගිගේ හදවත ගැස්සි ගියේ සරසවියේ ගත් නදිගේ සහ අමිලගේ චායාරුපයක් දුටුවිටය. දගකාර පෙනුමක් තිබුනු ඔහු කඩවසම් අයෙක් විය..
                                                                                                                                    
නුවංගි මේ සියලුම දේවල් නදි සහ කුමාරට බාර දෙන්නට විය.
කුමාරගේ නමින් තිබුනු ලි‍පිය මෙසේ විය

“”ආදරණීය නදි සහ මගේ අඹ යහලුවා කුමාර වෙත,,
 ඔය දෙන්නගේ අනාගතේට මම හදවතින්මම සුබ පතනවා ..
ඔය දෙන්නාගේ චුටි දෝනිව බලන්න ආසාවෙන් හිටියේ ඒත් බැරිවුනා..
සමහර විට මේක මගේ පෙර කරුමයක් වෙන්න ඇති නැත්තම් මේවා මෙහෙම වෙන්න තිබුනු දේවල් වෙන්න ඇති
මම දන්නේ නැ හරියටම මොකක්ද කියලා..
නදි ඔයා ගත්තු තිරනේට මම ගොඩක් සතුටු වුනා  මොකද ඔයාගේ ලස්සන ජීවිතේ කාලකන්නියෙක් ලග විනාස වෙලා යනවා බලන් ඉන්න බැරිවුනු කෙනෙක් මම ඔයාටත් වැඩිය.
සමාව ගන්න හේතුවක් නැ වරදක් කරලා නැති හින්දා
මගේ නමට තියන  ඉඩම මම නදිගේ නමට ලිව්වා
පුලුවන්නම් මගේ අම්මව දුකක් නොදි බලාගන්න. මට එයාව බලාගන්න විදියක් නැ. ඔයාලගෙන් මෙ උදව්ව මම ඉල්ලන්නේ මට ඉල්ලන්න වෙන කෙනෙක් නැති හින්දා. මම ජිවත් වෙලා ඉන්නකම් ඔය දෙන්නට මට ඒ උදව්ව කරන්න බැරි හින්දයි මම යන්නේ යන්නම..
සතුටින් ඉන්න .. කුමාරයෝ මගේ  රැකගනින් මගේ පන නදි වයි හුස්ම වෙච්චි මගේ අම්මාවයි.
මම දන්නවා උඹ මේ උදව්ව නොකර ඉන්නේ නැ මට.. තෙරුවන් සරණයි
            මීට කාලකන්ණි අමිල,,””

********
********
අඩෝ අමිල අඹ මට සොරි කියන්නවත් දෙන්නේ නැතුවම ගියාද

ඇයි බන් උඹ ගියේ මෙහෙම... මට දරාගන්න බැ යකෝ උඹට  බැ එහෙම යන්න. කිසිදා හඩනවා දැක නැති කුමාර කැ ගසමින් හඩා වැලපෙන්නට විය.. කුමාරව වත්තම් කර ගැනිමට නදි මහත් වෙහෙසක් දරන්නට විය. ඒ ඔහු ඔපරේෂන් කල සිටි නිසා.
කුමාර හා නදි යන විට අමිලගේ දේහය භුමධානයට කටයුතු සුධානම් කර ඇත. සෙනග පිරි ඉතිරි තිබුනු මල ගෙදර
සැමගේ නෙතු තෙත්ව තිබෙන්නට විය .. සරසවි යහලුවන් නැ දැ හිතමිතුරන් නිහතමානි අමිලගේ ගුණ වර්ණනා කරද්දි 
අමිල සමග විනෝදයෙන් කාලය ගත කල සැටි කියන විට කුමාරව කැ ගස්සවමින් හැ‍ඩවෙන්නට විය...
බලපන් මචන් අමිලයග මිනයවත්  මට බලන්න නැ ..
කරපු  වැරැද්දට මට සමාව ගන්නවත් විදියක් නොදිම මු ගියා මචන්... මන් තමායි මුගේ හොදම යාලුවා ඒත් මම තමයි මුගේ පව්කාරම යාලුවත් ... මු මට වකුගඩුවක් දිලා මාව ජිවත් කරලා ස්තුති තරගන්නවත් නොදිම මැරිලා ගියා... මම මුට කොච්චර ‍ද්‍රෝහි කමක්ද කලේ මචන්.. ඇවිත් මට ආයෙත් කනට ගහලා අඩන්න එපා කියලා කියලා පලයන් අමිලයො ...  “’
කුමාර ගමේ හිතවතෙකුගේ කරෙ වැටි හඩමින් සිටි
නදි කිසිවක් වටහාගත නොහැකි අයුරින් බිරාන්තව සිටි .. නදි  සිටියෙ කදුලු පිරුනු කල්පනා ලොවකයි..

පාන්සකුලයට වැඩි ගමේ පන්සලේ මහ නායකහිමි නම අමිල ගැන ගුණ වයන්නට විය..
“’ අද අප අතරින් පරලොව සැපත් වෙලා ඉන්න අමිල තරූණ උපාසක මහත්මයා
මම දන්න තරමින් හොද දක්ශ බුද්ධිමත් සරසවි වරමි ලබපු හොදට පන්සල ඇසුරු කරපු තරුණයෙක්.
මිනිසුන්ට නොවිය යුතු කරදර වලටත් මුහුන දීපු මේ මහත්මයා ඒත් හදවතින් වැටුනේ නැ.
මට මතකයි මේ ලගදි දවසක් මෙ අමිල මහත්මයා පන්සලට ඇවිත් මට කියනවා..
අනේ අපේ හාමුදුරුවනේ මේ පන්සල වෙනුවෙන් මට ඉස්සර වගේ ලොකු දෙයක් කරන්න ඕනේ ඒත මේ අත් කොට කැල්ලයි කලුල් කොටෙයි මට හරස් වෙලා‍‍‍‍....කියලා “”
 ස්වාමින් වහනිසේගේ ඇසිනුත් කදුලු ගලාගෙන යද්දි වචනත් බිදෙන්න ගත්තා.. මොහොතක් නතර ව හිද යලිත් ධර්ම දේශනාව සිදුකොට පාන්සකුලයේ වැඩ නිමා කලා . පසුව 6ය දෙනෙකුගේ කරමතින් ගිය අමිලගේ දේහය සහිත පෙට්ටිය සොහොනෙ මිහිදන් කෙරුනේ මහ ජනගගකගේ ඇස කදුලුවලින් පුරවමින්. 

සොහොනේ වැඩ කටයුතු නිමාවිමෙන් පසු මෙතෙක් වෙලා නිහඩව සිටි නදි ‍සොහොන බදන් හඩන්නට විය..


“”ඔයා මෙච්චර හොදවුනේ ඇයි අමිල අයියේ  ඔයාට බැරි වෙලාවෙදි මං ඔයාව දාලා ගිහිල්ලත් මාත් එක්ක තරහ නුවුනේ ඇයි අමිල අයියේ ඇයි
නැ අමිල අයියේ නැ
ඔයා කාලකන්නි නැ ඔයාවගේ දෙවියෙක් අහමි වෙච්චි අපියි කාලකන්නි අපියි කාලකන්නි “”
ලබන ආත්මෙවත් අපිට දුකක් නොදි ඉන්න   මගේ දෙයියෝ  ඇයි පොලවේ හැපි හැපි වැලපෙන්නීය...
**************************************
අමිල සිතු අයුරින්ම කුමාර අමිලගේ මව තමන්ගේ මවක් ලෙසින්ම බලාගන්නට විය;.
ඒත් අමිල ඉතිරි කල ගිය දුක් බර මතක සටහන් අමිලගෙත් නදිගේත් ජිවිත වල සදාකල් පවතිනි ඇත 
_නිමි_


මම මේ කතාවෙන් උත්සහ කලේ වචන වලින් හැගිම් දැනවීමටයි ...
මා ‍කොතෙක් දුරට සාර්ථකද යන්න කමෙන්ටුටුවක දමා යන්න

2 comments: