Wednesday, September 28, 2016

****මැදියම**** කෙටි කතාව ,

****මැදියම****  කෙටි කතාව
,
,
,
නිවසේ දොරට තදින්ම ගසන හඩට අවදි වුනු  සුමිත්  සාලයේ විදුලි බල්බය දල්වමින් දොර වෙත ගියේ
’’කවුද මේ මහ රෑ දොර කඩන්න හදන්නේ’’ යැයි අසමිනි..
’’ මම පියල් බං.. ’’ දොරෙන් පිටත හිද පිලිතුරු දුන්නේ පියල් විසිනි..
’’ ඇයි බන් මේ හදිස්සියක්ද ?.. ගැනිට අමාරුයි බන් වීල් එක අරන් හොස්පිට්ල් යමන්කො ඉක්මනට’’
පියල්ගේ මුලු ඇග පුරාම දිව්වේ මහන්සිය නොව කලබලකාරිත්වයයි..
’’වීල් එකට යමන් මන ශර්ට් එකක් දාන් එන්නම්.. ’’ පියල්ව ත්‍රි රොධ රතය වෙත යැවු  සුමිත් මිනිතුතුවට දෙකට ඇද සිටි කලිසමටම ටි ශර්ට් එකක් ඇදගෙන ආවේ නිව‍ේ විදුලි පහන් නිවා දමා දොරද වසමිනි..
’’ ගොඩක් අමාරුයිද බන්..’’ ත්‍රි රෝද රතය පනගන්වාගත් සුමිත් පියල්ගෙන් අසන්නට වුනි..
’’ ඔව් බන් ලමයා හම්බෙන්න වගේ..’’  පියල් තවමත් හති අරමින් ම පවන්නට විනි.. ඉන් සුමිත්ට පැහැදිලි වුනේ පියල් දිවගෙන ආ ඇති බවයි..
’’ හරි හරි බය නොවී හිටපන් ඉක්මනට යමු ’’
කඩිනමින්ම පියල්ගේ නිවස  වෙත  රතයේ ම ගිය ඔව්න් දෙදෙනා පියල්ගේ බිරිදව දෙදෙනාගේම වීර්යයෙන් රතයට නංවා ගතී..
’’අනේ පියල් .. ම්ම්ම්ම්මහ් මට අමාරුයි... ’’ චාරුනී කිවේ අමාරුවෙන් කෙදිරි ගාමිනි..
’’ හරි හරි චාරුනි ඉවසන් ඉන්න ඉක්මනට හෝපිට්ල් එකට යනවනේ .. තව ටිකයි ’’
එසේ කියු පියල් චාරුනිගේ හිස අතගාමින් ඇයව සැනසවීමට මහත් වෙහෙසක් දැරුවේය..
නමුත් චාරුනි දිගටම කලේ අපහසුවෙන් කෙදිරි ගෑම පමනි..  චාරුනිගේ අපහසුව පියල්ටද දරා සිටීමට නොහැකිම තැන
’’ සුමිත් ඉක්මනට යමන් බන්´’’ අමාරුවෙන් බෙරිහන් දෙන චාරුනිගේ හඩ ඇසෙන සැම මොහොතක් පාසාම සුමිත් අතින් ඇක්සලේටරය කැරකුනා මිසක ලිහිල් වුයේ නැත.. ඇක්සලේටරය දිය හැකි උපරිම සිමාවටත් පසු සුමිත් උත්සහ දැරුවේ තවත් වේගයෙන් ධාවනය කිරීමටයි..  ලගම රොහල වුනේ මාරස්සන මහ රෝහලයි.. සුමිත්ගේ උත්සහය වුනේ එම රොහලට ඉක්මනින්ම ලගා වීමටයි..  නමුත් පාරේ තිබුනු අබලන් බාවය හා ලග ලග කදුකර ප්‍රදේශයක් හෙයින් ලග ලග වැටුනු වංගු නිසා  වේගයට බාධා විය.. නමුත් මාර්ගය හුරු නිසාවෙන් සුමිත් එය වැඩි බාධාවක් නොකරගත්තේය.. වලවල් වලට වැටීම නිසා ඇති වු සෙලවීම් ගැබිනි චාරුනීට ගෙන ආවේ දරාගැනිමට නොහැකි තරමි වේදනාවකි.. කෙසේ නමුත් ඇය ඉවසාගෙන සිටිමට මහත් ප්‍රයත්නයක් ගත්තාය.. රෝහලට ගිය පසු තත්වය හදුනාගෙන වහා ක්‍රියාත්මක වු රෝහල් කම්කරුවන් සහ හෙදියක් විසින් චාරුනිව ‍ටොලියක කා රෝහල තුලට ගෙන යද්දි පියල්ද ඒ පසු පසින් යන්නට විනි.. ත්‍රි රෝධ රථය රෝහල ඉදිරියෙන් පසෙකට කල යුතු නිසා සුමිත් ත්‍රි  රෝද රතයෙහිම නැවති එය පසෙකට කර බැස රෝහල තුලට යන්නට විනි..
ටික මොහොතකට පසු මුහුන පිසිමින් සුමිත් දෙසට ආ පියල් ’’ චාරුනිව ඔපරේශන් එකට ගත්තා.. මම ඉන්නම් දැන් උඹ පලයන්.. මම උඹට හෙට සල්ලි දෙන්නම්.. ලොකු උදව්වක් බන් උඹ කලේ.. උඹට පින් මචන් ’’ පියල්ගේ වචන තුල ති‍බුනේ චාරුනි කෙරෙහි ඔහු තුල තිබුනු අසීමිත වු ආදරයයි..
’’ අයියො බන් හදිස්සියකට නැති මිනිස්සුන්ගෙන් වැඩක් තියනවද? ඕන නම් කියපන් මම ඉන්නම් උඹත් එක්කම එලි වෙනකම් හරි ’’  සුමිත් පවසා සිටියෙ පියල්ගේ උරහිසෙන් අල්ලා සොලවමිනි..
’’ නැ බන් සුමිත් උඹ පලයන් දැන්.. මේ කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නැ ’’
සුමිත් සිටි වෙහෙස සහ නිදි මත නිසා ඔහුටද ඉක්මනින් නිවෙසට යෑම අවශ්‍ය වුනි. ඔහු පියල්ගෙන් සමුගෙන ත්‍රි රෝධ රතයේ නැග ආපසු යැමට පිටත් වුනි.. රෝහල පසු කර මීටර් කිහිපයක් ඉදිරයට එද්දි එක් කාන්තාවක අත දිගු කරමින් සුමිත්ව නතර කලේය.. අයි‍යේ මාව කන්දෙ හන්දියෙන් දාන් යන්න පුලුවන්ද .. ඇය ආවේ ඉදිරියටයි.. නමුත් ඇය දැන් යමු කියන්නේ ආපස්සටයි..  ඇග වැසෙන පරිද්දෙන් සුදු ඇදුමකින් සැරසුනු කොන්ඩය විදාගත් ඇය පිලිබදව සුමිත්ගේ සිතට නැගුනේ චකිතයකි..
ඇයව ඇරලීමට හැකියාව  තිබුනත් සුමිත් බොරුවක් ගොතන්නට විනි.. ’’මම එච්චර දුර යන්නේ නැ නංගි.. වෙන වීල් එකක් හම්බෙයි ඔයාට..’´ එසේ ‍ කියු සුමිත් ඇයව මහගහරිමින් යලි රථය පන නංවාගෙන ඉදිරියට ධාවනය කරන්නට විනි.. ’’මේ මහ රැ මොන කෙල්ලද තනියම පාරේ යන්නේ..’’ සුමිත්ගේ සිත ප්‍රශ්න කරන්නට වු නිසා සුමිත් තම ජංගම දුකතනට ගෙන වේලාව පරික්ශා කර බැලද්දි  වේලාව මැදියම් 12 වීමට තවත් මිනිත්තු 15ක් ඇති බව පෙනී ගියේය.. එක් වංගුවකදී සුමිත්ට පැති කන්නාඩියකින් පි‍ටුපස බලද්දි සුමිත්ට පෙනුනේ ඔහු මගහැර ආ තරුණිය පිටුපස අසුනේ වාඩි වී පැමිනෙන බවයි.. ක්ෂනයෙන්ම ඔහුගේ දැස් විසල් වී හදවත නැවතී ගියාක් මෙන් විනි.. නැවත ගැහෙන්නට පටන් ගත්තේ පෙරටත් වඩා වේගයෙනි.. එහි හඩද සුමිත්ට යන්තමට මෙන් ඇසෙන්නටද විනි.. රිය පැදවීමටද අපහසු වන්නාක් මෙන් හැගෙන්නට වු නිසා ත්‍රි රෝද රතයේ වේගය අඩු කල ඔහු පිටුපස හැරෙමින්
’’ ඔයා ’’  යැයි පැවසුවත් පිටුපස අසුනෙහි කවුරුත් වුයේ නැත.. එය ඔහුගේ හදවතේ ගැස්ම තව දුරටත් වේගවත් කලා මෙන්ම ඇගේ රෝමද කෙලින් කරවන්නට විය..
’’ ඒ කවුද? හොල්මනක්ද ? හිතේ ඇදිච්චි නිකම් රූපයක් ද ’’ සුමිත්ගේ හිත දහසක් පැනයන්ගෙන් පිරී ගියේය.. ට
දැත් දෙපා පන නැතිවෙන්නාක් මෙන් හැගෙන්නට වුනේ ගම්වැසියො සුමිත් ආ ප්‍රදේශයේ මෝහිනී යැයි යකින්නක් ගැන කියු කතා එකින් එකටම සිහි වෙත්දී ය. සුමිත් ඉදිරි අසුන ය‍ට වු වතුර බොතලය ගත්තත් එහි ජලය වුයේ උගුරු දෙකක් පමනක් බව ත්‍රි රෝධ රතයේ  තිබු එලියෙන් ඔහුට පෙනිනි.. ඉන් එක් උගුරක් මුකයට හලා ගෙන වියලී ගිය දෙතොල තෙමාගෙන අ‍නෙත් ටික මුහුනට හලා ගත්තේය .. ඉන්  පසු දෙ අතින්ම මුහුන පිස නැවතත් ඉදිරි අසුනේ හිද ගත්තේ ’’නිදි මතට මැවෙන විකාර.. ‍ මම බොරුවට බය වෙනවා’’´සිතන්නට විනි..
ප්‍රදේශය පුරා මැවුනු ඝන අන්ධකාරය මුස්පේන්තුවේ තනුව වයද්දී ඊටත් වඩ බියන්කර ලෙස මොහොතකින් බල්ලන් තිදෙනෙකුගේ උඩු බිරීමක් ඇතින් ඇසෙන්නට විනි.. තවත් කිලෝමීටරයකට මෙපිට මනුශ්‍ය වාසයක් නුවු බැව් හොදින්ම දන්නා සුමිත් හදවත වේගයෙන් ගැහෙද්දීම රිය පනගන්වන්නට කික් කලේය්. නමුත් එය පනගන්වා ගැනීමට නොහැකි විනි.. යලිත් නැවී කික් එක අතට ගනිත්දි වම් පස පැතති කන්නාඩියෙන් සුමිත්ට නැවත අර තරුනියම පෙනිනි ක්ශනිකවම ඒ පිටුපස බැලු  සුමිත් ට එහි කිසිවෙකු නුවුනු බව පෙනෙන්ටට විනි.. දැස් තදින්ම වාගෙන මොහොතකට පසු නැවතත් විවරකරගෙන පැති කන්නාඩියෙන් බලද්දී සුමිත්ට පෙනුනේ එම තරුනීයගේ ලෙයින් වැසුනු මුහුනේ තැන් තැන් කුනු වී ඇති බවයි.. විරුපි ඒ මුහුන සහිත තරුනියගේ දෙ අත් සුමිත්ගේ ගෙල දෙසට පැමිනෙන බැව් පෙනෙන්නට වත්දි  සුමිත් රියෙන් එලියට පැන්නාද ඉබේම පැනුනාද සුමිත්ට වත් තේරුම් ගත නොහැකි විනි..
ත්‍රි රෝද රතය ඉදිරියට ගිය සුමිත් බියෙන් මෙන් එ‍් දෙස බලද්දි විරුපිනිය සිටියේ ත්‍රි රෝද රතයෙන් පිටතය.. අඩියෙන් අඩිය සුමිත් පිටු පසට තබද්දි කුඩා වලකට පාදයක් වැටුනු නිසා ශරීරය පාලනය කරගැනිමට නොහැකිව ඔහු ඇද වැටිනි.. ඇය සෙමි සෙමින් ඉදිරිය ඇදෙද්දී මුහුනෙහි හොවා ගත්තේ ඉතාමත් අප්‍රසන්න සිනහවකි ...
’’හා හා හා හා නැවතියන්  උඹට මගෙන් බේරෙන්න බැ ’’  ඇය ගේ හඩ සුමිත්ගේ සවන් තුලින් ශරිරය තුලට ඇතුල් වි සුමිත්ව වෙවිලවා දමද්දි සුමිත්ගේ කලිසම මුත්‍රාට වලින් තෙත් විනි.. පි‍ටට ඉනු දහඩිය පිටෙන් බේරි පහලට ගලන්නට විනි.. මුලු ශරිරයම මුත්‍රා වලින් සහ දහඩියෙන් තෙත්ව ඇත.. නැගිටිමට වෙර දැරුවත් එය සඵල උත්සහයක් නොවිය.. සුමිත්ට දැනුනේ අසරන කමයි.. ’’ලේ රසට මං ආසයි’’  විරුපිනියගේ හඩත් සමගම ත්‍රි රෝධ රතයේ දැල්වුනු විදුලි පහන්ද එක විටම නිවී ගියෙය.. වලාකුලු වලින් වසා ගත් සිසිගේ යන්තම් වු ආලෝකයේන් තමා වෙත ඇදෙන විරුපිනිය පෙනෙයි.. දැන් දැන්  ඇයගේ ඉතාමත් උස් හඩින් වු  අප්‍රසන්න සිනහ හඩ සුමිත්ගේ කන් තුල දෝන්කාර දෙන්නට දෙයි.. කෙසේ හෝ වීර්යය ගෙන නැගිටගත් සුමිත් පිටුපසම නොබලාම දුවන්නට පටන් ගත්තේ
’’ඉතිපි‍සෝ බගවා සබ්බ පාපස්ස ’’ එක් ගාතාවක් වත් කීමට උත්සහ කරමිනි.. නමුත් සිටි කලබලය නිසා ඒ කිසිවක් සිහියට නොනැගුනි.. ඉදිරියට දිව යන ගමනේ පිටුපස හැරී බලද්දි ඇයද සුමිත්ගේ පසු පස්නිම පැමිනෙන බව පෙනෙයි..
’’මාව බේරගනිල්ලා.. කවුරුත් නැත්දො’’ සුමිත් හඩනගා එසේ පවසද්දී
විරිපිනිය ’’හා හා හා හා හා ’’ ලෙසින් හඩ නගමින් සිනහ වෙයි..
වීශාල සුලගක විත් මාර්ගය දෙපස ගස් ඒ මේ අත වැනෙත්දී ඒ සුලගත් සමගම ආ පුළුටු ගද  සුමිත්ගේ හදගැ‍ස්මෙහි වෙගය වැඩි කිරීමට තව දුරටත් සමත් විනි..
සුමිත් නැවතත් පාරේ ඇද වැටිනි..
කල කිසිවක් නොමැතිම තැන සුමිත් තදින් දෑස  ව‍සාගෙන දෙදනිස්  අතර හිස සගවා ග‍ත්තේ මාර්ගයෙහිම ගුලි වී නිදා ගන්නා අතරේය..
මොහොතකට පසු හැමු සුලගෙහි හඩද විරුපිනියගේ සිනහ හචද නැවතිනි. සුමිත්ගේ සිතට යන්තම් සැහැල්ලුවක් දැනුනාත් සමග නැවත තිගැස්සි ගියේ පි‍ටට තට්ටු කරනවා දැනිමෙනි. සුමිත් තවත් තදින් දැස් වසාගෙනම ගුලිවී  ඉද්දි ..  ඇසුනේ
’’පුතා ... නැගිටින්ට .. හිනෙන් බය වෙලාද කැගහන්නේ ’’ හඩ සුමිත්ගේ මවගේයි ..
’’සුමිත් මේ වතුර එක බීලා පන්සිල් අරන් නිදාගන්න ... ඒක හීනයක්’’  මවගේ කරුනාබර වචන සුමිත්‍ට ගෙන ආවේ සුමිත්ට පැවසීමට නොහැකි තරමින් වු සැහැල්ලුවකි..
ඇද සුමිත් අතින් ඇත වි ඇත..  එමෙන්ම මුලු ගතහෙමි වුයේ දහඩියයි..  සුමිත්ගේ හිත තවමත් ගැහෙමින් පැවතිනි.. වතුර උගුරු කිහිපයක් බි සිදුවු දෙය ගැන ඇදෙන් බැස සුමිත් කල්පනා කරන්නට විනි..
තමන්ට දුටු සිහිනයෙහි තේරුම කුමක් දැයි සුමිත් සිතින් සිතන්නට විනි...



පසු දින උදැසන ත්‍රිරෝද රත ගාලෙහිදි සුමිත්ට මුන ගැසුනේ පියල්වයි..
’’ගුඩ් මොනිම් මචන් ,,
’’ගුඩ් මොනිම් පියල් ’’ සුමිත්  සිනාමුසු මුහුනින් එසේ කිවත් අලුයම දුටු සිහිනය නිසා ඔහු තවමත් සිටියේ තැතිගෙනය..
’’උඹෙ නම්බරේ දිපන්කෝ ...සුමිත් හෙට චාරුනීව ඉස්පිරිතාලේ එක්කන් යන්න දින තියෙන්නේ ..’මන් ලග උඹෙ නම්බරේ නැ.. දියන්කෝ... හෙට යන්න තිබුනට කොයි වෙලේ යන්න වෙයිද දන්නේ නැ බන්.. උඹ දන්නවානේ ඉතින් බඩ දරු අම්මා කෙනෙක්ව බලාගන්න එක කොච්චර වගකීමක්ද කියලා ’” චාරුනීව රෝහලට රැගෙන යායුතු යැයි කියද්දී තවත් තැතිගත් සුමිත්

’’අඩේ මේ පියල් .. මට සල්ලිත්  එපා .. චාරුනීව දැන්ම එක්කන් යමු හොස්පිට්ල්...  නැගපන්කෝ වීල් එකට යමන් යමන් ’
’’ඒ මොකටද බන් හෙටනේ යන්න තියෙන්නේ’’ පියල් ඇසුවේ සුමිත් ගේ හදිසි ප්‍රතිචාරය නිසා වික්ශිප්ත වීය..
’’නැ බන් ඔය කිව්වට දවසක් වත් කලින් යන එක හොදයි.. අනික රැ යන්න වුනොත් එහෙම මේ පාරවල් වල උඹට තේරෙනවනේ .. මට සල්ලිත් එපා බන් මම කියනවට යමන්කෝ ’’ 
සුමිත්ගේ බලපැම නිසාම චාරුනීව දවල් වන විටම රෝහල රැගෙන යාමට සිදුවිනි..

****පසුදින*****
හිරු එලිය අහස් කොනින් කාන්දු වෙන්න ඇරඹෙද්දි කුකුලා හඩලන්නට විය. ඒ හඩට  සුමිත් අවිදිවිය..
සුළු දිය බැම සදහා වත්තේ කොනකට යන සුමිත්ට පෙනුනේ ඇතින් තමන්ගේ නිවස වෙත ඉක්මන් ගමනින් පා තබන පියල්වයි..
’’මොකෝ  පියල් කුකුලාත් අතින් අරන්ම හදිස්සියක්වත්ද’’
’’ මචං සුමිත් උඹනම් දෙයියෙක් නෙවෙයි දේවලයක් බන් චාරුනීට ඊයේ රැ අමාරු වෙලා ලමයාව හම්බ  වෙලා  බන් ’’
’’ නැ කවුද උඹට කිව්වේ ’’
’’ අම්මත් ගිහින් ඉස්පිරිතාල නැවතුනා තනියට හවස.. මට ඊයේ රැම කෝල් කලා එලිවෙනකම් ඉවසිල්ලක් නැ බන් ලස්සන කොලු පැටියෙක්ලු.. උඹට කරදරයක් නැත්තම් යමන්කෝ දැන්ම මගින් අපි තේ එකක්වත් බොමු ’’  පියල් පිය සෙනෙහස පපු තුරුලෙහි රන්දාගෙනම එසේ පවසන්නට විනි..

_නිමි-

ගයාන් ධනු


No comments:

Post a Comment