Thursday, August 25, 2016

හසඟනාවි (කෙටිකතාව)



ලා කොල පාටට එක යායට දිලිසුනු තේ දලු තද කොලපාට තේ ගස් වල තිබුනේ පාට කරපු අයිසින් තට්ටුවක් දාලා හදපු චොකලට් කේක් කන්දක් වගේ තේ වත්ත මැදින් වැටිලා තිබුනු වන්ගු වන්ගු පටු පාර හැරි හැරි ඔහු උඩට නැන්ගේ සීතල සුලගත් එක්ක ලැබුනු නැව්ම් ආශ්වාදයත් විදගෙනමයි. කදු ගැටයේ මුදුනටම ගිය පසන්ගේ හිත ඇදිලා ගි‍යේ තවත් ඇත තිබුනු කන්දකට. යන්තම් තද පාටට තිබුනු ඝන වලාකුලක් යන්තම කන්දෙ වැදිලා නිල් පාටයි තද කොල පාටයි කලවම්වෙලා තිබුනු ඒ කන්ද අනිත් කදු වලින් වෙන් වෙලා පෙනෙන්න ගත්තේ මිදුම කන්දේ උඩ කොටසට කිදා බැහැලා තිබුනු නිසා. හිනා වෙලා ඉන්න සුරගනක් සේ කදුගැටය අනිත් කදු පරයා නැගි තිබුනා. පසන් සිටියේ කදු මුදුනේ තැන්නක. නුවර එලිය සිතල පලාතක් වුනාට මද්දහනේ හිරු රශ්මිය පසන්ට ටිකක් තදේට දැනෙන්න ගත්ත නිසා පසන් හිටපු තැනින් ඉවත් වෙලා ටිකක් දුර තිබුනු ටර්පන්ටයින් ගස් තුන හතරක් අතරට ගියා . ගස් වල අතුකොල එකට වෙලා අවු රශ්මිය එන්න නොදි අහසට වියනක් ගහලා වගේ තිබුනු ඒ තැන පසන්ට ඉන්නම කියලා කවුරු හරි නිර්මානය කරපු තැනක් කියලයි පසන්ට හිතුනේ. ලගම තිබුනු අඩි එක හමාරක් විතර උස පැතලි ගල ලොකු කැරම් ‍බෝඩ් එකක් තරමට පලල ඇති. කරේ එල්ලන් ආපු ලොකු බැග් එකයි අතේ බටයක් වගේ රෝල් කරන් ආපු ‍ඩ්‍රෝවින් කොල 5යි ගනකම කාඩ්බෝඩ් එකයි ගල උඩින් තියන්න කලින් ගලට ඉටිරෙද්දක් එලන්න පසන් අමතක කලේ නැ . ගස් අතරින් පසන්ගේ හිත ඇදිලා ගිය කන්ද පැහැදිලිව හොදට පෙනුනා බෑගය විවෘත කරපු පසන් ඒ තුල තිබුනු වතුර බොතලේ එලියට අරන් එක හුස්මට වතුර උගුරු 5ක් විතර ගිල දැම්මේ වෙහෙස නිසා ඇති වුනු පිපාසයටයි. පසන් ආවේ චිත්‍රයක් අදින්නඒ ඔහු‍ගේ විනෝදාංශයයි. පරම්පරා ගත ලෙසම ධනවතෙකු වු පසන්ට රැකියාවක් කිරිමට අවශ්‍යතාවයක් තිබුනේ නැත ප්‍රධාන පොද්ගලික ආයතන තුනකම හිමිකම පියාගෙන් පසු ඔහුට නිතැතින්ම ලැබි ඇත‍. නමුදු පසන්ට තිබුනේ පවුලේ අයගෙන් වෙනස්ම වු ආකල්ප ස හැදියාවන්ය. පුහුමාන්නයෙන් මිදි ඇති ඔහු සැම අතින්ම සරලය. බැගයෙන් එලියට ගත්තු නැවිය හැකි ‍ඩ්‍රෝවින් සිටැන්ට් එක දිග ඇර ඔහු අබියස සිටුවා ඝනකම කාඩ්‍බෝඩ් එක සවි කලේ ගෙන ආ ඩ්‍රෝවින් කොලද ඩ්‍රෝවින් පින් ආධාරයෙන් එහි තබාය වර්න දියර ටියුබ් ප්‍ලේට් දෙකක් දහ පැන්සල් තුනක්ද ඒ තුලින් ගෙන ගල මතුපිට තබන්නට විය පසන් පලමු චිත්‍රය ලෙස ඔහුට පේන්න තිබුනු මිදුම සහිත කන්ද චිත්‍රයට නංවා වර්න ගැන්විය සැබැවින්ම පසන් තුල වු චිත්‍ර ඇදිමේ හැකියාව විශිෂ්ටය ‍‍. සාමාන්‍ය වෙලාවකින් ඔහු එම චිත්‍රය නිමවා අවසන් කල පසු සැබවින්ම එය පැහැදිලි ඡායාරුපයකි .දෙවන චිත්‍රය ලෙස පසන් ඇන්දේ කදුගැටය මවා පෙන්වු අහිංසක සිනාවකින් සැරසි සුරංගනාවියගේ උඩු කය දසුනයි පැන්සල් රේකාවලින් චිත්‍රය නිමවා අවසන් කල ඔහු ඒ දෙස මද වෙලාවක් ඇසි පිය නොහෙලා බලා හිද මුහුනට මද සිනහවක් ගෙන මෙතෙක් ඔහු මුවින් පිටකල පලවෙනි වචනය පිටකරන්න විය. ’’හසඟනාවි ’’ චිත්‍ර දෙකම නිම කර ඇත වර්න ගැන්වු විත්‍රය සහ පැන්සල් රේකා චිත්‍රය . බැගයේ ඉදිරි සාක්කුවකින් එලියට ගත් කුඩා ටෙලස් කෝප් එකක් (දුරේක්ෂයක්) ගෙන ඔහු සිව් දෙස නරඹන්නට විය පසන්ගේ දෙනෙත් නතර වුනේ කදුගැට‍ය පාමුල සිරුර රන් පාටින් දිලිසුනු යුවතියක් ලගය. දසුන ඒ තරම් පැහැදිලි නැතිමුත් තුවායක් වැනි කෙටි රෙදි කඩකින් ඇගේ නිරුවත වසාගෙන ඇ ලිදක් යැයි කිව හැකි තැනක මොහොතක් හිද ගස් අතරින් සැගව යන්නට විය ඇ ගියේ කොහේට දැයි නිස්ශිතව කිව නොහැකි නමුත් සුලගට සෙලවුනු අතු අතරින් සුදුපාට බිත්තියක් පසන්ට දැකගත හැකි විය. නැවතත් ටෙලස්කෝප් එක හරවමින් පසන් සිව් දෙස නරඹන්නට වියතේ දලු මැදින් සර්පයින් මෙන් වැටුනු පටු පාරවල් මාරගයේ එක දෙක ගමන් ගත් වාහන පරවියන් මෙන් පාසල් නිම වි පැමිනෙන ලමුන් ඒ අතර විය.
පසන්ගේ සිත් වුයේ ඔහු චිත්‍රයට නැගි කන්ද තරනය කිරිමයි ‍. ඔහු සිටි කන්ද බැස, කාරයට නැග ප්‍රධාන මාර්ගය දිගේ ඔහු ඒ දෙසට ගියේ පාරේ සිටි වුන්ගෙන් මාර්ගය අසමින්ය.කෙසේ හෝ කදු පාමුලේදි කාරයෙන් යා හැකි දුර එපමනක් විය . ඔහු වාහනය අසල වු ගෙමිදුලක නතර කලේ නිවැසියන්ගෙන් ලද අවසරයට පසුවය. නිවෙස් තිබුනු නිසා කන්ද පහල කොටස සුද්ද කර ඇති මුත් ඉහලට තිබුනේ ඝන කැලැවකි ඈතට සුන්දරව පෙනුන මුත් එහි වු විශේෂ ලස්සනක් නැති තරමියග ඉහලට යාමට මාර්ගයක් වුයේ නැති නිසා පසන් නිර්මානය කරගත් මාර්ගවලින් ගිය ඔහුව විටෙක ලිස්සා වැටිනි තවත් වරෙක කටු ඇනුනි කෙසේ හො ඔහු කන ද මුදුනටම යන්නට හැදුවත් එයට මිදුම ඉඩක් නොදෙන්නට විය සිව දෙසම අලුපාට සිතල මිදුමෙන් වැසි තිබුනි පසන් හැරුනේ ආපසු එන්නටයි නමුත් ඔහුගේ නෙතු මිටර් 40ක් පමන දුරින් වු ගලු තලාවක් මත යලිත් නවතින්නට විය . ඉනෙනුත් පහලට එනතුරු තිබුනු පොකුටු කොන්ඩයේ මිදුම වැදි සුදුපැහැතිය මුහුන තවමත් හරි හැටි නොපෙනුනේ ඇය හැරි සිටි නිසාවෙනි හුදකලා වු කන්දක් මැද ඇය තනිවම කවුරුන්ද ඇය. කොට ගව්ම නිසා පැහැලිදිව පෙනුනු ඇගේ පාද රන් වන් පාටින් ‍දිලිසෙන්නට විය , සිතලෙන් මිදිමට කලු පැහැති සිව්ටරයක් ඇද සිටි ඈ ඇගේ පිටි අත්ල මත සිටි සමනලයෙක් හා කතාකරමින් සිටි ඇයට බාධා නොකරමින් පසන් ඒ දෙස දෙසට දැස් හා සවන් යොමුකර සිටියේ ඇය ඉතා දගකාර ලෙස රංගනයක නිරත වුනු හෙයිනි නමුත් ඇය කවුරුන්දැයි හරියටම දැකගැනිමේ ආෂාව පසන්තුල වදදෙන්නට වුන නිසා ඔහු ඇය වෙත ලන් විය නිල් පාට ලොකු සමනයෙකු ඇගේ පිටි අත්ල මතය ඇය තිගැස්ස් පසන් දෙස හැරි බැලුවේ පසන් අතින් පැගුනු දිරාගිය කොල අත්තෙන් නැගුන හඩටය දිගු නිල් පැහැති නෙතු යුගලයක් තිබුනු ඇයගේ කොපුල්ද රන් පැහැතිය මුහුන යටින් උල් වි ඇති මනා හැඩය දෙපතුල් දක්වාම සුන්දරත්වය ගෙන හැර පායි ’’ඔයා කව්ද අයියේ ’’ තනිව සිටින කෙල්ලෙක් පසන් කවුරුන්දැයි දගකාර ලෙසින් විමසයි. හරිම පුදුමයි. පසන් සිතුවේ ඇය බිය වෙන්නට ඇති බවයි. ’’මම ම්ම්ම්ම් මම ඔයා කියපු කෙනා තමයි ’’ ’’ඒ කිව්වේ අයියා’’ ’’ මම අයියා කෙනෙක් තමයි කියලා කිව්වේ. ඔයා මොනාද මේ පාලු කන්දක තනියම කරන්නේ. සමනලයෙක් එක්ක කතා කර කර ’’’’ ’’මම තමයි මොහිනි ....’’ එසේ කියමින් ඇය තරමක් හඩින් සිනා සෙන්නට වුනේ ඉතාමත් දගකාර ලෙසය. තැතිගත් පසන් ’’ මොකක් ’’ ’’ඇයි අයියා බය වුනාද මම හැමදාම මෙතනට එනවා මෙයා විතරක් නෙවේ මට තව යාලුවො ගොඩක් ඉන්නවා ඉතින් මම තනි වෙන්නේ කොහොමද ’’ ඇගේ පිටි අත්ල මත සිට උරහිසට පැමිනි සමනලයා දෙස බලමින් ඇය පවසන්නට විය ’’ඒ යාලුවො ඔක්කම සමනල්ලුද ’’ ’’නැ සමනල්ලුම නෙවෙයි ඉතින්. අයියා කව්ද ???මම මිට කලින් ඔයාව දැකලා නැ ’’ ’’මට මේ කන්ද උඩටම ගිහින් පහල බලන්න ආසා හිතුනු නිසා පාරවල් දන්නෙත් නැතුවම කන්ද නැන්ගේ මේ මිදුම නිසා උඩටම නැගලා වැඩක් නැතිවෙයි කියලා හිතුනා ආයේ බහින්න හදද්දි තමා ඔයාව දැකලා නැවතුනේ ’’

’’ අයියෝ අයියා ඔයා වැරදි පැත්තෙන් ඇවිත් තියෙන්නේ මේ එහා පැත්තෙ තමයි අපේ ගෙවල් එහෙන් තමා පාර තියෙන්නේ මම පෙන්වන්නම්... ආය එත්දි හවස් වෙලා එන්න එපා දවල් එන්න ’’ ඇය පෙන්වු පාර දිගේ පසන් පහසුවෙන්ම පහලට බැස ගත් මුදු ඔහුගේ හිත තිබුනේ ඇය ලගය ඒ ඇයව කවදා හෝ දැක ඇති බව විස්වාස මුදු ඒ කවදාද කොහේදීද නම් පැනය ඔහුට වද දුන් නිසාවෙනි පසන් කාරය නතරකල නිවෙසට ගොස් ’’මාමේ ’’ ’’ආහ් මහත්තයා යන්නද හදන්නේ ’’ ඔව් මාමේ උඩට යත්දිනමි එපා වුනා පහලට එනකොටනම් නංගි කෙනෙක් පාර පෙන්නුවා ’’නංගි කෙනෙක් කිව්වා මහත්තයො ’’ නිවැසියාගේ මුහුනේ තිබුනේ කැලඹුනු මුහුනකි ’’ ඔව් මාමේ නංගි කෙනෙක් ඇයි මාමා එහෙම ඇහුවේ??’ ’’ මුකුත් නැ මහත්තයා පරිස්සමින් ගිහින් එන්නකෝ මහත්තයො ’’
කාරයට නැගගත් පසන් කෙලින්ම ආවේ ඔහු නැවති සිටි බංගලාවටයි ’’පියදාස.....කෝ ‍නිමායා බේබි??? ..’’. නිමායා යනු ඔහුගේ එකම නැගනියයි ’’චුටි බේබි මල් බලන්න ගියා ලොකු බේබි ඉන්න මම කතාකරන්නම්’’ දගකාර වියේ හුන් නිමාය දුවගෙන විත් පසන්ගෙ අතේ එල්ලුනාය ’’නිමායා හවසට වතු අස්සේ රිංගන්න යන්න එපා සරපයෝ ඉන්නවා ’’ ’’හා අයියේ ඔයා කොහේද අද ගියේ ’’ ම්ම් අද කදු දෙකක නැග්ගා නිමායා දෙස ඉහල සිට පහලට විමසිලිමත් දැසින් බලන් සිටින ගමන් සන් පවසන්නට විය ඔහම දගලන්නේ නැතුව ඔය පුටුවෙන් ඉදගන්න නිමායා පියදාස ලුනු වතුර ටිකක් ගේන්න ඇයි අයියා ඔයාගේ කකුලේ කුඩැල්ලෙක්
’’කෝ ඇ ඇ ඇ අනේ අයියා කුඩැල්ලා ’’ඇය යටිගිරියෙන් බෙරිහන් දෙන්නීය ’ බොරුවට කැ ගහන්න එපා මැට්ටියේ ඔහොම ඉන්නවා මම මුව අයින් කරනකම්
අහක බලාගන්නවා ’’
’’හා අහක බැලුවා අනේ අයියා ඉක්මනට ... පෙනෙයිද ????’’
’’ඒක තමයි හවස වතු ගානේ යන්න එපා කිව්වේ ‍මෙහේ කුඩැල්ලො වැඩියි ’’ ලුනු වලට ගැලවි වැටුනු කුඩැල්ලාව ඉවත්කරන ගමන් ඔහු පවසන්නට විය
*
*
’’අයියා අදත් ලස්සන ච්‍ත්‍ර වගයක් ඇදලා තියනවා නේද කව්ද ඒ ඇදලා තිබුනු ගර්ල් ’’
රාත්‍රි බොජන ගනිත්දි නිමායා විමසන්නට විය
පසන් කිසිවක් නොකියාම කාමරේට ගොස් ඔහු ඇදි චිත්‍රයට දෙස මොහොතක් බලා සිතන්නට විය
’’දෙයියනේ මේ කෙල්ලම නේද මට හම්බුනේ ඒ කන්දෙදිම’’ ’’ අයියා මමි කොල් එකක් දිලා කිව්වා ඔයාගේ ස්කොලර් ශිප් එක ඔකේ කියලා හෙට අනිවාර්යෙන්ම කලම්බු එන්න කියලා ’’
’’මට මේ ස්කොල්ර් ශිප් එක ගොඩක් වැදගත් ඒත් කවදද කොයි මොහොතෙද කියන්න බැ මම ඔයා කව්ද කියලා කොහොම හරි හොයාගන්නවාමයි හසගනාවි’’ නිල් පාට සමනලයෙක් එවිටම චිත්‍රයේ හුන් කාන්තාවගේ උරහිස මත වැහුවේ පසන්ගේ සිතට හවස සිදුවු දෙය තව දුරටත් සිහි කැදවමිනි*ඩ්‍රෝවින් රැක් එකේ තිබුනු හසගන රූපය දෙසට නෙත් යොමාගෙනම පසන් නින්දට අතවැනුවේ ගල් තලාව මත ‍‍කෝමල ලෙස හුන් යුවතියගේ සිහිනවලට සිත පටලවාගෙනයි. අටවක සඳ අහස් කුස කොනකින් සැගව යද්දි තැබිලි පැහැයෙන් දිප්තිමත්ව හිරු කෙමෙන් කෙමෙන් කෙමෙන් නැගනහිරින් මතුවුනේ දසත පැතිරුනි විහඟ ගි රෑව් සමග නැව්ම් ‍දිනකට ආසිරි පතාය .මොහොතකින් ආ කුකුලාගේ කැ ගැසිමත් සමගම සුපුරුදු පරිදි ඊලගට හඩට මුසු වුනේ රළු ලෙස බිරු ස්කුබිගේ හඩයි, ඒ හඩට නින්දෙන් මිදුනු පසන් ඇග මැලි කඩමින් මේසය මත තිබුනු වතුර විදුරුවද අතට ගෙන කාමරයෙන් සාලයටද සාලයෙන් පියගැට පෙලටද නික්මව විත් මිදුල් මධ්‍යයේ සිට ගත්හ. අත හුන් වතුර විදුරුවෙන් උගුරු දෙකක් කටට ගෙන කට ‍සොදා වතුර තනපත් මතට විසි කරන්නට විය. බන්ගලාව තනා ඇති වත්තේ පෙදෙසක තේ යායක්ද තවත් පෙදෙසක අපනයනික මල් වගාවකි. වසරේ සැම කාලයන් වලදිම මල් පිපෙන ඒ මල් වගාවේ පිපෙන්නට තිබුනු සුදු හා රෝස මිෂ්‍රිත පොහොට්ටු අදහසට දික්ව තිබුනේ ’’ පිපෙන්නට අවැසි ශක්තිය හිරු නුඹ අපට දෙනු මැනැවි’’ යන්න ඉල්ලන්නාක් මෙනි . අලු පාට අඩ අදුරු මිදුම ඇත බිම් වසාගෙන ඇති නිසා කිසිවක් නොපෙනේ දරනු බැරි සීතලට අත් දෙක මාරුවට තබා උරහිස් අල්ලාගෙනම පසන් යලි ඇතුලට ගියේ ඇද සිටි ස්විටරයට උදය කාලයේ සිතල දරාගත නොහැකි නිසාවෙනි. ’’නිමායා නැගිටින්න අපි දැන් යන්න ඔනේ ’’ මේසය මත තිබුනු වතුර විදුරුව ගෙන අනෙක් අතින් නිමායාව ඇහැරවන්නට පසන් වෙර දරන්නට විය ’’ම්හ් ම්හ් මොකක්ද අයියා.... තව ටිකක් නිදාගන්න දෙන්නකෝ’’ පසන් දෙසට හැරි තවමත් පියවුනු දෙනෙතින්ම නිමායා පවසන්නට වුයේ තිබුනු කම්මැලිකම හා සිතලට බෙඩ් ශීට් එක තව දුරටත් ඇගේ ඔතාගන්නා ගමන්ය ’’බැ බැ ලමයො අපි උදේම යන්න ඔනේ ’’ තරමක් සෙමින් කියු දෙය නිමායාට ඇසුනේද යන්න සිතාගත නොහැකි සෙයින් ඇය තවමත් නින්දේයමේසය මත විවරව තිබුනු පොතක් පසන්ගේ නෙත් බැල්මට හසුවුනේ ඉන් මනතය. වතුර විදුරව පසෙකින් තබා ඔහු පොත අතට ගත්තේ මුතු කැට ‍මෙන් අකුරින් නිමායා විසින් ලියා ඇති යමක් කිසිවීම සදහාය ’’මල් මත සැරිසරා මල් පෙත්තක් මත වැඩ හිදින සමනල තුමෝ නුඹ මගේ කුලුදුල් සිත් ගත්ත ආඩමිබර ලෙස ලොකු පියාපත් දිගුකොට යන්නේ ඇයි පියඹා මා මෙහි නුදුටු ලෙස ’’ එහි ලියා තිබුනු කවියෙන් ‍පේලි දෙකක් හඩ නගා කියවන විටම ඇද මත නිදා සිටි නිමායා පසන් වෙත පැන ඔහුගෙන් ‍පොත උදුරාගෙන මැනල්ස් නැත්ද මැට්ටෝ අනුන්ගේ ඩයරි කියවන්න ’’හා හා ඔය නැගිට්ටේ කෙල්ල අගේට ... කියනවා බලන්න කව්ද මේ ආඩම්බර සමනලයා ” සිනාසෙමින් හුන් පසන් ඇවිස්සුනු කොන්ඩය මුහුනට වැටි පිස්සියක් මෙන් තෙ තුරුලු කර ගත් නිමායාගෙන් විමසා සිටියේය ’’කව්රුත් නැ ඕක කවියක් විතරයි... මම වොෂ් එකක් දාගෙන එන්නම් දැන් ඉතින් යන්න ’’ ’’පසන්ව තල්ලු කරමින් ඔහුව කාමරෙන් පිට කල ඇය එහි දොර වසාගන්නට විය ’’ ’’හා හා මම හිතාගන්නම්කෝ කවියක් විතරයි... කියලා දැන් ඉතින් ඉක්මනට වොශ් දාන් එන්න බ්රෙක්ෆස්ට් අරන් අපි ඉක්මනට යන්න ඕනි ’’ අවුරුදු දහසයක් වු දගකාර වියක හුන් නිමායා ගැන ඔනැම සහොදරයෙකුට පැමිනෙන බිය පසන්ගේ සිත තුලද ඇතිවන්නට වුනේ සැබවින්ම ඔහු තම නැගනියට මහත්සේ ආදරය කල නිසාවෙනි... නමුත් ඇයගේ කවි ලිවිමේ හැකියාව ගැන යන්තමට සතුටක් ඔහු තුල කැකැරෙන්නට විය . පියදාස සකස් කල උදේ ආහාරය ගත් පසු දෙදෙනාම කාරයට නැග පිටත් විමට සුදානම් විය ‍‍.
’’අයියා අපි ආයේ මෙහේ එන්නෙ නැත්ද ’’ ’’ස්කොලර්ශිප් එකට රට යන්න වුනොත් මට ආයේ එන්න වෙන්නේ අවුරුදු 5කින් තමයි නිමායා ඔයාට ඉතින් මමිලත් එක්ක එන්න පුලුවන්නේ ...’’ ’’අපෝ ‍අපේ මමිලත් එක්ක එන්න එයාලා සල්ලිවල ගිලිලා ගොඩ එන්න බැරුව එයි එයි මේන් කියලා ’’ නිමායා එය පැවසුවේ කට ඇදකරමින්ය’’එයාලා එහෙම කරන්නේ අපි නිසානේ නංගියා හා හා යමු‍කෝ ඉස්සෙල්ලා ගෙදර’’ කාරය බන්ගලාවෙන් පිටව වන්ගු වන්ගු හැරි හැරි ඇතින් සැගවියත්දි මිදුලේ හුන් පියදාසද බන්ගලාව තුලට යන්නට විය . * ’’නිමායා’’ ’’ම්ම් ’’ ’’මම ඊයේ ඇන්දේ අන්න අර කන්ද’’ කාරය මදක් නතර කර නිමායාගේ පැත්තෙන් තිබුනු කන්දට දැත දිගු කරමින් පසන් පවසන්නට විය. ’’වාව් අයියා.. ඒකනම් මාර ලස්සන කන්දක් ඇතුලත් ලස්සනට ඇති නේද?’’ ’’හපෝ පිටට ලස්සනට පෙනුනට ඇතු‍‍ල තනිකරම කටු අගුලක් වගේ ’’ පසන්ගේ මුවින් එසේ පිටවුනාද සිත කිවේ කන්ද තුල තිබුනු ලස්සනම දෙය ඔහුට මහහැරුනු බවයි.. .. වාහන පසු කරමින් වෙගයෙන් ඉදිරියට ඇදුනු ඔවුන් දෙදෙනා කොලඹ තිබුනු තම නිවසින් නතර විය . ’’ මමි කෝ අර ලිව්ම ආවද ?? ’’ ”ඔව් ඔන්න මම ඒක ඔයාගේ මේසේ උඩින් තිබ්බා ... නිමායා... මහන්සිද පැටියෝ කොහොමද ඉතින් ට්‍රිප් එක???’’ පසන්ගේ මව දොරෙන් මතුවු නිමායාගේ අතින් අල්ලාගෙනම පවසන්නට විය. කාමරය තුලට ගිය පසන් ලිව්මද අත මත තබාගෙන නැවත සාලයට පැමිනියේ මුහුන බෙරි කරගෙනය ’’පසන් ඇයි මේ ’’ ’’ස්කොලර් ශිප් එක මම ඉල්ලපු එක නෙවෙයි මමි මම මේත අතැරලා දානවා ’’ ’’අනේ පුතා ඔයා ගොඩක් ආසාවෙන් නේද හිටියේ මේකට.. ස්කොලර් ෂිප් ඔනේ නැනේ.. ඩැඩියි මායි වියදම් කරන්නම් ඔයාට ’’ ’’වැඩක් නැ මමි මම ඉල්ලපු එකට කට්ටියව තොරගෙනත් ඉවර ඇති ආයෙ ඉතින් නෙක්ස්ට් යර් මුල තමයි ’’ ’’අනේ පැටියො ඔයාට දුකයිද ??’’ ’’ ඔව් මමි ටිකක් දුකයිනම් තමා එත් දැන් කමක් නැ ’’ පසන්ගේ මව බටහිර ක්‍රමයට හැඩගැසි නමුත් ඇය කාරුනික මවකි.මුදල් ඉපයිමෙහිලා වෙහෙසවන නමුදු දරුවන්ට ඇගෙන් ලැබිය යුතු සෙනෙහස නෙපිරිහෙලා ඇ දෙන්නීය.. * _දින දෙකකට පසු පසු ­­­_ * මාර්ගයේ ගමන් ගත් වාහන හඩද නලා හඩද සැම මිනිත්තු 5කට වතාවක්ම මතුවෙයි කාමරයේ ඇද මත තබාගත් ච්‍රත්‍ර මිටියෙන් එකින් එකට දැස යොමුකරමින් ඔහු සිතින් සංචාරයක යෙදෙයි
මේ අතර තිබුනු හසගනගේ චිත්‍රය ඔහුට ලැබුනි එයද අනෙකුත් චිත්‍ර මත තබා ඔහු කාමරයෙන් එලියට විත් රුපවාහිනියට අවදානය දි සිටි මව හා පියා ලගින් සිට ගත්හ.
“මමි “
“ඇයි පුතා “
“මම හෙට ආයෙම ස්ටේට් එකට යනවා”
“ඒ මොකෝ ආයෙම යන්නේ “ඒ හඩ අවදි කලේ පසන්ගේ පියාය
“තව චිත්‍ර ටිකක් අදින්න ඔනේ ඩැඩි
මම නිමායාවත් එක්කන් යනවා “
“නැ නැ නිමායාව තියලා යන්න රව්ම් ගැහුවා ඇති ඒ ලෙවල් ක්ලාසුත් පටන් අරන් තියෙන්නේ අනික ඒ ලමයා ගැනු ලමයෙක්”
තරමක් රලු ලෙසින් පසන්ගේ මව හඩ අවදි කරන්නට විය
“කෙල්ලෙක් කියලා නිමායාව මේ ගේ අස්සට ම හිර කරලා තියන්න එපා මමි “
“ඩැඩි මම නංගිව එක්කරන් යනවා එච්චරයි මම නිමායාගේ අයියා මට පුලුවන් නංගිව පරිස්සමට බලාගන්න”
’’පසන් ඔය කේන්තිය නිවාගන්නකෝ පුතා
ඇයි නංගිව එක්කන්ම යන්න ඔනේ කියන්නේ “
“නිමායා කියන්නේ චුටි කිරිල්ලියෙක් ඩැඩි “
‘’ඔයාලා ඒ ලමයාව කොහෙවත් එක්කරන් යන්නෙත් නැ ඒ හින්දා එයා ඉන්නේ හි‍තේ නොසතුටෙන්
මම නිමායාගෙන් ඒක හොදටම දකිනවා ‘’
‘’ඔයා එක්ක ඉද්දි නිමායා ගැන අපිට යවෙන්න දෙයක් නැ පසන් මේ පාරත් පරිස්සමට එක්ක ගිහින් එන්නකෝ එහෙනමි ‘’
‘’මගේ හොද ඩැඩි … උම්ම්ම්ම්ම්මා ”කියමින් දුවගේන විත් පියාගේ ඇගට පැන මුන ඉම්ඹෙ සිදුවු දෙයට හොරෙන් කන් දි සිටි නිමායාය .
“නංගි අනිත් අයගේ කතා හොරෙන් අහන් ඉන්න එකනම් නරක වැඩක් හොදේ”
“හා මම අහන් හිටියේ නැ හරිද?.... වීරයෙක් වගේ නංගි වෙනුවෙන් ඔයා කතා කරනවා මට ඇහුනා මගේ හොද සුදු අයියේ ....”
“හා හා ඇති ඇති බටර් ඇදුම් හදගන්නවා ගිහින් හෙට උදේම අපි යන්න ඔනේ “
පසන්ගේ මව නම් තවමත් නොසතුටෙනි
“ගමනක් යන්න හදද්දි මුන එල්ලගන්න එපා කියලා අපිට කියලා දිපු මමිම දැන් මුන එල්ලන් ඉන්න හැටි බලන්නකො ඩැඩි”
’’මුන් දෙන්නගෙ කපටිකම නම් අඩුවක් නැතුව තියනවා ’’ එසේ කියමින් මවද සිනා සෙන්නට වියකදු මැද්දේ තුරු සෙවනේ දගකරනා සොදුරු ලියේ නුඹ කවුරුද කියනු මැනේ මා නිතරම සිතුවිල්ලේ ....... හසගනාවි පසන්ගේ හද තුල ලැගුම්ගෙන ඇත.නොයෙක් සිතුවිලි ඇය ගැන සිත තුලින් ගැට ගසමින් පසන් ගැඹුරු නින්දේය.******* පාන්දරින්ම පසන් හා නිමායා යලි නුවරඑලිය බලා පිටත් විය උදේ 9 වන විට ඔව්න් සිටියේ බන්ගලාවෙයි , ’’නංගි මම පොඩි ගමනක් යනවා පරිස්සමට ඉන්න මම එනකම් .’’’’අයියේ ඉතින් ආව ගමන්ම කොහෙද යන්නේ ... ටිකක් මහන්සි ඇරලම යමු’’ ’’බැ නිමායා මට හදිස්සියි . මම ගිහින් එනකම් පරිස්සමට ඉන්නකෝ’’’’පියදා.....ස ’’තරමක් හඩින් ඔහු පියාද අමතයි ’’ලොකු ‍බේබි ’’ ’’මම පොඩි ගමනක් යනවා පියදාස... එන්න චුට්ටක් හවස් වෙයි නිමායා බේබිව පරිස්සමට බලාගන්න .පියදාසගේ දුවට එන්න කියන්න.. නංගිට තනියම වත්තේ ඇවිදින්න දෙන්න එපා ’’ ’’චුටි බේබි ඇවිත් කියලා දැනගත්තු ගමන් කෙලි දුවගෙන එයි ලොකු බේබි. ලොකු බෙබි බයවෙන්න එපා .යන ගමනක් පරිස්සමට ගිහින් එන්නකෝ ලොකු බේබි..’’. නැවතත් කාරයට නැගගත් පසන් නතර වුනේ සුන්දර කන්ද පාමුලයි. මුල් දවස කාරය නතර කෙරු ගෙමිදුලේම යලි කාරය නවත්වා ඉන් බැස ඔහු ගෙයි දොරකඩ වෙත පිය සනිටුහන් කරන්නට විය. ’’මා...මේ’’ ’’ආ මහත්තයො අදත් ආවද ’’ ’’ඔව් මාමේ ...එදා මට කන්ද නැගගන්න බැරිවුනානේ.. අදනම් කොහොම හරි නැගගන්න ඔනේ ’’ ’’ ඒක නෙවෙයි මහත්තයො මහත්තයා එදා පාර පෙන්නුවයි කියලා නංගි කෙනෙක් ගැන කියෙව්වේ කොහාම කෙනෙක් ගැනද?’’ ’’ලස්සනයි අවුරුදු දහ අටක දහ නවයක වගේ ගැනු ලමයෙක් මාමේ’’ ’’අපි දන්න තරමින්නම් කන්දේ උඩ හරියට වෙන්න ගෙවල් නැ මහත්තයො කන්දේ දර කපන්න ගිය දෙතුන් දෙනෙක්ම අවතාරයක් දැකලා බයවෙලා තිබුනා ’’ ’’අවතාරයක්’’ ’’ඔව් මහත්තයො ගැනු ගමයෙක්ගේ අවතාරයක් ’’ ’’මාත් ඔය කියපු අයගෙන් දන්නේ හරි හැටියකටනම් දන්නේ නැ ඔන්න කියන්න බැනේ මහත්තයො හවස් වෙන්න කලින් පර්වේසමෙන් ගිහින් එන්න ’’ ’’හා හොදයි මාමේ’’ ඉතා සෙමින් පැවසු පසන් සිටියේ තැතිගෙනය තමන් මේ සොයා යන්නේ අවතාරයක්වත්ද යැයි පසන්ගේ සිත පසන්ගෙන්ම විමසන්නට විය .කෙසේ නමුත් පසන් ඇය කවුරුන්දැයි සොයා ගන්නා දැඩි අදිටනින් මුල් වතාවෙ ඇය පෙන්වු පැහැදිලි පාරේන් හෙමි හෙමින් කන්ද තරනය කලේ ඔය සිරස් ලෙස පිහිටුනු කන්දක් වුනු නිසාය . මුල් වතාවේ මෙන් ලිස්සා වැටිම් වලට බාජනය නොවු ඔහුට කිසිම ආපදාවකින් ‍තොරවම කන්ද නැගිය හැකි විය. ඇය සිටි ගල් තලාව හමුවුනු මුත් ඇය එතන සිටියේ නැත. ඇය සැම දිනම සුපුරුදු වේලාවට ගල් තලාවට පැමිනෙන බැව් ඇය මුල් වතාවෙ කිවා ඔහුට සිහිවිය . ඇය පැමිනෙන තුරු නිකරුනේ එතන නොසිටි ඔහු වෙහෙස නොතකා කදු ගැටය මුදුනටම නගින්නට විය .පලමු දා කටු අගුලක් සේ දැනුනු කන්ද එදා ඔහු සිත පුබුදුවාලුයේ වෙනස්ම හැගුමිය. එකිනෙකට වෙනස් ජානමය ශාක එහි වු අතර කිසි දින ඇසට මුන නොගැසී තිබුනු කුඩා සත්වයින්ද එහි විය. දිය පහරක හඩට කන්දේ වෙනත් කොටසකට පිය මැන්න ඔහුට උඩ සිට ගලන් ආ රමණීය දිය පහරක්ද හමුවිය . ඒ අසල හුන් ගලක වාඩි වි මදක් ගිමන් හැරි ඔහු දිය පහරට දැත ඔබා සීතල දියෙන් දොතක් බොන්නටද අමතක නොකලේය. කුඩා ගල් වල හැපි හැපි පෙන බුබුලු නංවමින් ගැලු දියහි ඔබ මොබ පිහිනා ගිය කුඩා සාරිගප්පියන් විශාල සංක්‍යාවකි. මිනිත්තු විස්සක පමන කාලයක් ඒ අසල සුන්දරත්වය විදගත් ඔහු නැවතත් කදු මුදුන බලා හෙමි හෙමින් පිය නගන්නට විය.උසට වැවුනු ගස්වල කොල අතුවලින් සැදුනු වියන නිසා අවුරශ්මියක්ද නොදැනුනු අතර ප්‍රදේශයේ තිබුනු සිතල දේශගුනය නිසා පසන්ගේ පාදවලට දැනුනු වෙහෙසට වඩා වෙහෙසක් ඔහුට නොදැනිනි. සාමාණ්‍ය ප්‍රමානයෙන් විශාල ගලක් තරනය කිරිමට සුදානමිව ඔහු ඒ සහදා වැල් වල ආධාරයක් පතන්නට විය . එසේ වැල් අල්ලාගෙන ගල තරනයේදි ඔහු අල්ලාගත් වැලක් ඉතා සිතලව සහ සෙවලව දැනුනි . රබර් බටයක් මෙන් එබුනු මෙන්ම එයි කුමක්ද යැයි දැනගැනිමට හොදින්ම බලන විට පසන් තැති ගන්නට වුනේ එය සැබවින්ම වැලක් නොව සර්පයෙකි . දශ්ඨයෙන් බේරිමට ඔහු විගස සර්පයාව ඇද පහලට අතාරින්නට විය.කෙසෙ හෝ ගලද නැගගත් මුදු ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට වුනේ සර්පයා දැක බිය වුනු නිසාය. ඉන් පසන්ගේ අවදානය වැඩි විය නමුත් එහු සිටියේ කදු මුදුනේය . අහස් කුස සිපගන්නා උසකින් පිහිටි කන්දු මුදුන යන්තමට මිදුමෙන් වැසි තිබින . සුදු සේදයක් සේ මිදුම කදු මුදුන වසාගෙන ඇත . නමුත් අපැහැදිලිව මුත් වටිටාව හොදින්ම නිරික්ෂනය කරගැනිමේ හැකියාවක් ඇත. තමන් දැක ඇත්තේ කන්දේ එක් කොටසක් පමනක් බවද ඉතා විශාල භුමිබාගයක පිහිටි එහි කොතරම් දේවල් සැගවි ඇත්ද යන ගුප්ත හැගිමද මතුවිය. විටෙක තමන් විහගයෙක් බැව් පසන්ට සිතෙන්නට වුනේ පහල සිට දකින ලෝකයට වඩා ඉහල සිට දකින්නට ඇති ලෝකයේ සුන්දරත්වය ඔහුටද අත්විදිමට ලැබුනු නිසාය. සුන්දරත්වය අත්විදින අතරම හිරුද හෙමින් බස්නාහිර දෙසට සේන්දු විය. පසන්ට උවමනා වුයේ හසගන දුටු ගල් තලාව මතට යන්නටයි. ඉහලට නැගිමට වැඩි කාලයක් ගත වුනු මුත් පල්ලම නිසා පසන්ට ගල් තලාව අසලට පැමිනිමට ඒ තරමි කාලයක් ගත වුයේ නැත. ගල් තලාව මත පින්න මල් මිටකි ඒ අසලම සමනලයින් රංචුවකි පසෙක හාවෙකු තුරුලු කරගත් හසගනාවියයි. ඔහු නෙත ඉදිරියේ මැවි ඇත්තේ සොදුරු සිතුවමකි. මෙවන් සුන්දරත්වයක් කෙලෙසනම් දකින්නද?හෙමි හෙමි ඇය වෙත පිය නගින පසන්ගේ පා හඩට ඇ තිගැස්සි හැරි බලන්නට වුනි. අත හුන් හාවා බියවි කැලය තුලට වු අතර සමනලයින් ඒ මේ අත පියඹන්නට විය. ’’අයියා...... ඔයා අදත් ආවද ’’ තැති ගත් ලෙසින් ඇය පසන්ගෙන් අසා සිටියහ. ’’ඔව් මම අද උදේම ආවා ’’ “ඔයා මාවයි මගේ යාලුවන්වයි බය කලා ... ඇයි එහෙම කලේ ??”“මම එහෙම කලේ නැනේ… එයාලනේ මට බයවුනේ “”‘”ඉතින් ඉතින් කියන්නකෝ කෙහොමද කන්ද ලස්සනයිද”“ඔව් ගොඩක් ලස්සනයි ඒත් ලස්සන බලන්න පුලුවන් වුනේ තැන් ටිකක විතරයි ““මේ කන්ද ගොඩක් ලොකුයි අයියා’ඔව් එත් මට කන්දට වඩා බලන්න උවමනාව තිබුනේ ඔයාව ““මාව ??ඒ මොකටද ??”‘’මුලු කන්දෙම ලස්සන ඔයා ලග තියෙනවා ““අර පෙනෙන කන්දෙ ඉදන් මම මේ කන්දේ චිත්‍රයක් ඇන්දා “‘”ඒ කන්දෙන් එදා මතු වුනේ අහිංසක විදියට හිනාවෙලා ඉන්න සුරංගනාවියක වගේ ලස්සන කාන්තාවක්ගේ රූපයක් ඒ රූපේ මම වෙනම චිත්‍රෙක ඇන්දා ඒ කාන්තාවත් හරියටම මම එදා දැකපු ඔයා වගේමයි නංගි ඇත්තමයි ,’’ ඇය සෙමින් සිනාසෙන්නීය ..“ඒත් මට දෙයක් ගැන ඔයාගෙන් දැනගන්න ඔනේ නංගි ““මොකක්ද ??”“මෙහේ ගෙවල් තියනවා මිනිසු ජීවත් වෙනවා කියලා කවුරුත් දන්නේ නැනේ ““අයියා ඔයා මම ගැන කාට හරි කිව්වද ??”“ඔව් මම පහල ගෙදරක කෙනෙක්ට කිවම ඒ මාමා කියුවේ උඩ ගැනු කෙනෙක්ගේ හොල්මනක් ඉන්නවා කියලා “
ඇය මහ හඩින් සිනාසෙයි ..සිනහව තව දුරටත් ගෙන ආවේ බියකරු සුවරුපයකි ..ඇයගේ කොමල සිනහව නැත තිබුනේ බියකරු සිනහවක් පමනි .“මම හොල්මනක් තමයි.”ඇය එය පැවසුවේ ඉතාමත් බිය ගැන්වෙන අයුරිනි “මොකක් ““ඔව් මම හොල්මනක් තමයි උඹ දැන්ම මෙතනින් පිටවුනේ නැත්තම් මම උඹව මරනවා “ඇයගේ දෙඅත් පසන්ගේ ගෙල මිරිකිමට මෙන් තබාගෙන ඔහු ඉදිරියට පැමිනෙයි නිවැසියා කියුවේ සැබැවක් බව සිහිවි පසන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය ඇය කෙමෙන් පසන්ගේ ලගට ලන්වෙත්දි පසන් අඩිය අඩිය පිටුපසට තබන්නට විය පය ලිස්සා වැටි පසන් පෙරලිගෙන යන්නට විය පෙරලිගෙන ගොස් පසන් ගලක වැදි නතර වුනු මුත් ඔහුගේ නලල එම ගලෙහි තදින්ම වැදුනි .ලස්සන සිතුවිල්ලක් අහිමි විමේ දුකද ,බිය මත ඇතිවු වේගවත් හදගැස්මද , නලලෙහි වේදනාවද සමග ‍පසන්ගේ දෙනෙත් පියවෙන්නට විය.***************************************මුහුනට ඉසින ලද වතුර සහ කම්මුල් දෙපැත්තට සෙමින් ලද පහරවල් කිහිපයක්ට පසු පසන්ගේ දෙනෙත් විවර විය ‍. ’’අම්... ම්ම්ම්ම්ම්....’’ පසන් ගේ දැස් අබියස සිටගෙන සිටියේ උඩු රෑව්ලක් තිබුනු මිනිසෙකි . නිදා සිටි බුරු ඇදෙන් නැගිට ’”මම මේ කොහෙද?? ““ඔයා කව්ද??”“”කො කෝ අර හොල්මන ??””මිනිසා කිසිවක් පැවසුවේ නැත යන්තමට සිනහ...වි ’’හොල්මන??’ කිවා පමනිග “ඔව් ඔව් මාව මරන්න හදපු හොල්මන කන්දෙදි ““ඔ ඔ ඔයා කවිද?”“මහත්තයා හුගක් බයවෙලා පාටයි ““ඇදෙන් වාඩි වුනානම් මහත්තයො …මන් තෙරෙන විදියට කියලා දෙන්නම්”“ඇත්තටම ඒ හොල්මනක් නෙවෙයි මහත්තයෝ …..ඒ මගේ දුව .මට දෝණි වෙච්චි හැම දේම කිව්වා ““අපි මේ කන්දේ හැංගිලා ඉන්නේ මහත්තයො”“මම වන ආරක්ශක නිලදාරියෙක් මේ කන්දේ එහාපැත්තේ කොටසේ හැංගිලා කරන හොර වැඩ හොයන්නයි අපි මෙහෙම හැංගිලා ඉන්නේ ““දෝනිගේ අම්මා නැතිවුනේ එයා චුටිකාලෙදිමයි ඒයාව තනියෙන් තියන්න බැරි නිසයි මේ කන්දේ පේන්නේ නැති විදියට මෙහෙම එයත් එක්ක පොඩි පැලක් හදාගෙන පදිංචි වෙලා ඉන්නේ ….මහත්තයා බොහොම වැදගත් පාටයි නිසා මම මහත්තයා කව්ද කියලා බලන්න හැදුනුම්පත බැලුවා “””‘’මහත්තයා වැදගත් ව්‍යාපාරිකයෙක්ගෙ පුතෙක් නේද?මොන බය ඇරියත් මනුස්ස බය අරින්න බැලුනේ මහත්තයො ඒකයි මහත්තයව මෙහෙට උස්සන් ඇවිත් නලලට බෙහෙත් දාලා මේ හැම දෙයක්ම අකුරක් නැර කිව්වේ.”විස්තරය නිසි ලෙස දැනගත් පසු පසන්ගේ සිතහි ඇතිව තිබුනු බියද දෙගිඩියාවද පලා යමින් තිබිනි. “දැන් කෝ එයා??? ඇයි ඉතින් මාව එහෙම බය කලේ ““මහත්තයා දුව ගැන පහල මනුස්සයෙක්ට කිව්වා කියපුවම කෙල්ල හුගක් බයවෙලා අපි ගැන කට්ටිය දැනගනි කියලා .|අම්මත් නැතුව හැදිච්ච කෙල්ලනේ මහත්තයෝ ටිකක් දගයි මම එපා කියද්දි තමයි ඔය හවසට කැලේට යන්නේ .මිට කලිනුත් දරකපන්න ආපු මිනිසු වගයක්ව බය කරලා තියනවා එයා කරපු වැරැද්දට මම මහත්තයාගෙන් සමාවඉල්ලනවා මහත්තයෝ””මගෙන් හොදටෝම බැනුම් අහලා එලියෙ අඩ අඩ ඉන්නවා දැන් ‍‍‍‍....””* වරිච්චි බිත්තියෙන් නිමවා තිබුනු කුඩා නිවෙසින් එලියට ආ පසන්ට හොදටම හවස් වි ඇති බව සෙමින් ගලා එන අන්දකාරයත් සමග පෙනි යන්නට විය.නොපෙනෙන අයුරින් ගස් වලින් වටව ඇති තැනක සැදා ඇති නිවසෙහි පිල මත වාඩිගත් හසගනාවියක් ඉකි බිදි “”නංගි.....””‘’සමාවෙන්න අයියේ …මගේ අතින් වැරැද්දක් වුනේ ““ඒකටත් හේතුවක් තිබුනනේ.... සමාව දුන්නා කියලා හිතාගෙන මේ පැත්ත බලලා හිනාවෙන්න හසගනාවි”පසන්ගේ කරුනාබර වචනවලට ඇයගේ දුක තූනි වන්නට විය “හසගනාවි “ඇස් ලොකු කරමින් ඇය පසන් දෙස බලා හිදි ….“ඔව් මම ඒ නම තමයි මම ඇන්ද චිත්‍රෙ හිටපු ඔයාට දැම්ම නම”“ඒ කියන්නේ ඒ චිත්‍රෙ ඇත්තක්ද?””“හ්ම් ඔව් ... හසගනාවි කියන්නේ සුන්දර හසරැල්ලක් හිමි යුවතිය.””“මම ඒ නමට හුගක් ආසයි.. නම වගේම චිත්‍රෙත් හුගක් ලස්නට ඇති නේද ?මට ඒක බලන්න ඔනේ …?”“”මම පෙන්නන්නම් ඔයාගේ ඇත්තම නම මොකක්ද ඉතින් ???””“දෙව්රන්දි ““වාව් එකත් ඒ වගේම ලස්සන නමක් ඔයාටම ගැලපෙන නම”
*********************** **** වසර දහයක‍ට පසු**** “තාත්ති අර හසඟනාවි කතාවේ හසගනාවිගේ නම දෙව්රන්දි කිව්වා නේද?”“ඔව් දුව ,,,”‘”ඒ කියන්නේ හසගනාවි අපේ අම්මි නේද???”“ඇයි මගේ දු එහෙම කියන්නේ ??”“ස්ටොර් රූම් එකේ තියන තාත්තා ඇදපු හසගනාවිගේ චිත්‍රෙ මම දැක්කා. එයා අම්මි වගේමයි ““හසගනා දු……. මෙහෙ එන්න ..මේ බත් ටිකත් කනගමන්ම තාත්තිගෙන් කතන්දර අහන්න ??”කියමින් අනාගත් බත් පිගානක්ද සමග කුඩා හසගනා දුව සහ පසන්ගේ ලගින් වාඩිවුනේ දෙව්රන්දිය.****** **** මනස්කල්පිත අදහසකට පන‍පෙවිමේ උත්සහයක නිරතවුනු හසඟනාවි කෙටිකතාව මෙයින් නිමාවට පත්වන වගයි

ගයාන් ධනු


















1 comment: