Thursday, August 25, 2016

හමු වුනා වෙන් වුනා.. (කෙටි කතාව)



හමුවුනා වෙන් වුනා



”’මගේ හොදම යාලුවාගේ මැරේජ් එකට මම නැවිත් කොහොමද කොල්ලෝ ...
උඹලා දෙන්නට මගේ උනුසුම් සුභ පැතුමි ’’
අතේ තිබුනු මල් පොකුරයි මම අරන් ගියපු ගිෆ්ට් එකයි මනමාලිගේ අතට දෙනගමන්
මම නවීන්ව වැලදගත්තේ කියාගන්න බැරි සතුට පිටකරන්න
’’කිරි අප්පේ අද කොල්ලගේ හැඩ ආ ’’
වැලදගෙන හිටපු නවින්ගෙන් දුරට වෙන ගමන් මම එහෙම කියත්දි කොල්ලගේ මුන මනමාලිට වඩා ලැජ්ජාවෙන් පිරුනා ..
“සුද්දා මම හිතුවේ නැ බං උඹ එයි කියලා
මට තවම අදහගන්න බැ බං උඹ මගේ ඉස්සරහ ඉන්නවා කියන එක
උඹත් පට්ට ලස්සන වෙලා බං සුදු වෙලා ඇග දාලා හෙනම හැන්ඩියා වෙලා
මචං මේ දිමිත්‍රි මගේ ලමයින්ගේ අම්මා “”
ඌ කියපු කතාවට මට හිනාව හංගගන්න බැරිවුනා කිසිම වෙනසක් නැ ඒ කුපාඩියා එහෙම්මමයි






“මොනවද කියන්නේ අනේ? “””




නවින්ගේ මනමාලි නවින්ගේ උරහිසට ගහනවා 


මම හිතන්නේ ලැජ්ජ හිතිලද කොහෙද 


මම හිනාවෙන ගමන් ඒ ගර්ල් දිහා බලපු ගමන් මම දන්නේ නැ මට අඩියක් පිටිපස්සට තියවුනා 


මට ඒ රූපේ ඇතුලෙන් පෙනුනේ මගේ තුශීව 


මගේ මූනේ තිවුනු හිනාව 


අනේ මන්දා ඒක නැතිවෙලා ගියා මටත් නොදැනි 


“”ඒ සුද්දා ඇයි බං මොකෝ උනේ?? “ 


“”මුකුත් නැ බං’ මනමාලිව දැකලා මට උඹ ගැන ඉරිසියාවක් ඇතිවුනා “” 


මනමාලිට ලාවට ලැජ්ජාවට වගේ හිනාවක් ගියා 


මුන අමුතු කරලා නවින් මන් දිහා බැලුවේ සැකෙන් වගේ 


“හම්මෝ හම්මෝ උඹෙ මනමාලිව උඹම තියාගනින් මට එපා දැන් උඹ හංගගත්තු හිනාව එලියට දාපන්කෝ කො කො 


දාපන් දත් 32ම එලියට කෙහෙල් කැන වගේ “ 


මනමාල ජෝඩුවත් එක්ක මම ආයෙත් හිනාවෙවි කතාවට වැටුනා 


පාටිය ලොකුවට තිබුනා . 


අවුරුදු ගානකට පස්සේ මම හොදටම විනොදවුනේ අපේ පරන බජාර් එකත් එක්ක 


කන්න ‍‍බොන්න ගියාම කවදාවත් අපේ උන් ඇබරුනේ නැ 


කියන්න සතුටුයි අද මුන්ගේ හැසිරිම හොදටම හොදයිනේ . 


යාලුවො ඉස්සර ඉදන් මට කිව්වේ සුද්දා කියලා 


අපේ අම්මලා මට කිව්වේ සුදු පුතා කියලා 


අන්න ඒකෙන් තමා ඒ නම මට වැටුනේ . 


සමහරු නම් තාම හසිත කියලා කතාකරනවා හැබැයි 


නවින්ගේ ඇස් තිබුනේ මම දිහාවට . 


අවුරුදු තුනකට විතර පස්සේ හමුවුනු තමන්ගේ හොදම යාලුවා නිසා කියලානම් නේවේ ඒ බැල්මේ තිබුනේ 


මට වරදක් කරලා මගාරිනවා වගේ අදහසක් . අනේ මන්දා ඇයි මට එහෙම හිතුනේ කියලා කොහොම වුනත් දවසම මමයි යාලුවොයි හොදටම විනෝද වුනා . 


************************ 






මම නවාතැන් ගන්න කාමරයක් වෙන් කරපු හොටලේමයි මනමාල යුවලත් නවතින්න දාගෙන තිබුනේ 


මම ඒක දැනගත්තේ ඩිනර් එකට පහලට යත්දි 


මම ඒ ටේබල් එකටම ගිහින් නොදන්න ගානට 


“අම්මට සිරි සුද්දා උඹත් මෙහේද ??’’ 


‘’ඔවු බං රූම් නම්බර් 67 ‘’ 


‘’අම්ම‍ට සිරි අපි 65 ‘’ 


“”හරි බන් උඹලා කාලා වරෙල්ලකො මම කැවා මහන්සියි බන් ඊයේ උදේ ඉදන් ෆලයිට් එකෙන් ෆලයිට් එකට මාරු වෙවි ඇවිත් “” 


“”ටිකක් නිදාගත්තනමි හරි “” 


“”ගුඩ්නයිට් මචන් ගුඩ් නයිට් නංගි “” 


මම ඒ දෙන්නගේන් සමු අරන් කාමරේට ආවත් නවින්ගේ කෙල්ලව දැකපු හැම වෙලේම මට තුශිව මතක් වෙන්න ගත්තා. 


එයත් තුශිගේ හැඩරුවමයි සමහර විට නවිනයා මන් දිහා අමුතු විදියට බල බල ඉන්න ඇත්තෙත් මම උගේ ගැනි දිහා බලාගෙන හිටපු හින්දා වෙන්න ඇති. 


මහන්සිය වැඩි කමටම මම කොට්ටයක් ඇඳට හේත්තු කරලා ඇලවුනා . 


මගේ හිත මාව 


වසන්ත සමයක් වගේ ලස්සන කාල සිමාවකට අරන් ගියා .. 


මමයි මගේ යාලුවොයි ලස්සන කොලපාට තන බිස්සක දෙයක් උදුරගෙන දුවනවා වගේ සෙල්ලමක් කලා . 


මිට අවුරුදු තුනකට කලින් හිටපු මමයි ඒ අය අතරේ ගොඩක්ම දඟකාර විදියට සෙල්ලම් කලේ .. 


ඒ මොහොත හරිම සුන්දරයි ලා රතුපාටකින් ඉර බැහැගෙන යම්න් තිබුනේ . 


පින්න මල් පොකුරක් අතින් අරන් අපි ඉන්න දිහාවට සුදු මල් වැටිච්ච කලුපාට චිත්ත ගවුමක් වගේ එකක් ඇදන් ආවේ තුශි එයා ඒ වෙලේ හරිම ලස්සනයි . 


රතු පාට ඉර එලිය ඒ රෝස පාට මුනට වැටෙද්දි තිබුනු ලස්සන තරම් ලස්සන දසුනක් මිට කලින් දැකලම නැතුව ඇති . 


මම සෙල්ලම නතර කරලා එයාගේ දිහාවට යන්න හදද්දි මට කලින් මගේ යාලුවො දුවගෙන ගිහින් එයාට හොදටම ගැහුවා . 


නවින් තමා ගොඩක්ම ගැහුවේ .. 


මම කැ ගහන්න හැදුවට මගේ වචන පිටවුනෙත් නැ .. 


ඒ දිහාවට යන්න හැදුවට මාව ගියේ නැ , 


හසිත් අයියේ කියලා කැ ගගහා වේදනාවෙන් අඩපු මගේ ‍‍බෝනික්කි එකපාරටම ඒ පහරදිම් මැද්දේ නිහඩ වුනා… 


කලුපාට දුමාරයක් වගේ එයාව හුලගේ ගහන් යද්දි 


මුලු ඇගේම ලේ ගාගෙන හිටපු මගේ යාලුවෝ මන් දිහා‍ 














බල බල මහ හයියෙන් හිනාවුනා .. 








මාව නින්දෙන් ඇහැරෙනකොට මගේ මුලු ඇගේම දාඩිය ..




දැකපු ඒ නරක හිනේ හින්දා තාමත් පපුව හැගෙනවා වගේ .. 


ඩ්ග් ඩිග් ඩිග් ඒ සද්දේ මටම ඇහෙන්න ගත්තා.. 


අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන මම ඒ ‍හිනේ තේරුම කල්පනා කලා … 


..... 


මගේ දොරට හයියෙන් කවුරු හරි ගහනවා ව‍ගේ ‘’ 


මම දොර ඇරලා බැලවත් කවුරුත් හිටියේ නැ “මොන පිස්සුවක්ද මේ” 


මම එහෙම හිතින් කියන ගමන් දොර වහන් ආයෙත් රුම් එකට ගිහින් ටෙබල් එකේ තිබුනු වතුර විදුරුවෙන් උගුර දෙකක් බිලා විදුර තිබ්බා විතරයි . 


කරන්ට් එක ගියා. 


මුලු හොටලේම කරන්ට් එක තියෙන්න නැතුව ඇති දොර ඇරලා බැලුවත් තිබුනේ ඝන අදුර විතරමයි 


ගිරිය යටින් කැ ගහන සද්දයක් ඇහුනා. කලුවරේ හරියටම ඒ මොන කාමරෙද කියලා මතක නැ 


හැබැයි ගැනු කෙනෙක් කැ ගහන හඩක් ඇහුනේ , 


මම ඒ හඩ ඇහෙන කාමරෙට ගිහින් දොර අරින්න හැදුවට ඇතුලෙන් ලොක් කරලා තිබුනේ 


“ මොනවද ඇතුලේ වෙන්නේ මේ ‍දොර අරින්න “” 


“ඈ ..... “ කියලා කැගහනවා විතරයි 


මම දොර කඩාගෙන ඇතුලට ගියා 


ගැනු ලමයෙක් යටිගිරියෙන් කැගහනවා 


කවුද කියලා හරියට පෙනුනේ නැ කලුවර නිසා 


මම ලයිටර් එක පත්තු කරලා ඒ හිටියේ කවුද කියලා බැලුවේ .. 


“හත්දෙයියනේ ..” 


මට එහෙම කියවුනේ ඒ හිටියේ නවින්ගේ මනමාලි … 


“නංගි මොකද වුනේ කො නවින් “ 


එයා අත දික් කරලා මට නවින් හිටපු ඇද පෙන්නුවා 


නවින් කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නැ ඇද උඩ ගැහෙනවා විතරයි 


දිමිත්‍රි‍ගේ එක දිගටම ආපු කැගහන හඩට කලුවරේම සෙනග ඇවිත් කාමරෙ පිරුනා එයින් පිරමි අය කිහිප දෙනෙක් මාව හයියෙන් අල්ල ගත්තා 


එතකොටම කරන්ට් එක ආව 


ලග හිටපු ගැහැනු කෙනෙක්ව බදාගෙන දිමිත්‍රි අඩන්න පටන් ගත්තා .. කෙනෙක් වතුර එකක් ගෙනත් ගැහි ගැහි හිටපු නවින්ගේ මුනට ඉහලා ඔහුව පාලනය කලා 


මාව තවමත් අල්ලගෙන 


වචනයක් වත් කියන්නේ නැතුව මාත් නිහඩවම හිටියේ මටත් කිසිම දෙයක් තේරුම්ගන්න බැරුව. බය වෙලා වගේ බලාගෙන ඉදලා , 


නවින් එකපාරටම 


“මේ හොටලේ හොල්මන් ඉන්නවා … 


අපි ඩිනර් අරන් නිදාගන්න ආවා 


කාමරේ ඇතුලට ආවට අපි දොර වැහුවේ නැ 


ඒත් දඩාස් ගාලා ‍දොර වැහුනා මම දොර බලත්දි කොන්ඩේ කඩාගත්තු අප්පිරියා හිතෙන 


ගැනු කෙනෙක් මගේ ඉස්සරහ හිටියා කොන්ඩේ සම්පුර්නයෙන්ම මුනට වැටිලා තිබුනේ 








දිමිත්‍රි ඒ එක්කම කැ ගැහුවා




ඒත් එක්කම කරන්ට් එක ගියා 


අර ගැනු කෙනා මගේ බෙල්ල මිරිකගනම හිටියා 


මම බේරෙන්න උත්සහ කරාට බැරිවුනා 


මට මතක එච්චරයි “” 


නවින් බිදිච්ච වචන වලින් කියපු කතාව අපැහැලිවට වගේ වුනත් මට තේරුනා 


අනිත් අයටත් තේරෙන්න ඇති 


මාව අල්ලගෙන හිටපු අය මාව අතැරියා මම අත ගසලා දමලා මම දන්න ‍දේ ඒ අයට කිව්වා 






“මේ අයියා දොර කඩාගෙන එද්දි ඒ කෙනා නවින් අයියාව ඇදට අතැරලා එකපාරම අර බිත්තිය ඇතුලෙන් අතුරුදහන් වුනා “ 


හැමෝම හුගක් බය වෙලා හිටියා කියලා නම් මුනුවලින්ම මට පෙනුනා 














මගේ මුනත් ඒ මුනවලින් වෙනසක් වුනේ නැ මාත් හොදටම බයවෙලා හිටියේ 








*******




මම තව දවස් 10කින් ආයේ 


ඇමරිකාවට යන්න ඕනේ 


ඊට කලින් මට තුශිගේ ගෙදරට යන්නයි උවමනාව තිබුනේ 


මමයි නවිනුයි දිමිත්‍රියි මගේ යාලුවොයි ඔක්කම වැන් එකක ගියේ ඒක නිකම් ට්‍රිප් එකක් වගේ 


අරුන් දෙන්නටනම් හනිමූන් ට්‍රිප් එක වගේ තියෙන්න ඇති . කොහොම 


උනත් අවුරුදු තුනකට පස්සේ දැකපු තුශිගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි මට ලැබුනේ 


සුහද පිලිගැනීමක් . 


ඒ සුහදත්වය ඇතුලේ හැංගුනු දුක්බර කතාවක්ද තිබුනා කියලා මට හිතුනා. 


ඒ ගෙදර පුරාම තුශිගේ අඩුව මට දැනෙන්න ගත්තා .. 


ඉස්සර මම මෙහෙට ඇවිත් කියලා තුශිගේ අම්මා කැගහලා කියද්දි කාමරේ ඉදන් . 


උඩ පැන පැන එන කෙල්ලව මතකයන් එක්ක චායාවක් වගේ දකිද්දි ඇස් වලට ආපු කදුලු පිටවෙන්න නොදි ඇස් දෙක මම තදකරගත්තා ඒත් එ‍කෙන් වුනේ කදුලු ඉක්මනින්ම ඇස වලින් බේරිච්ච එක 


අපේ අහිංසක දුක් බර ආදර කතාව මට සිදුවිමි විදියට මැවි මැවි පෙනෙන්න ගත්තා 


තුශි හිටියේත් ඒ දවස් වල කොලඹ නැවතිලා . 


ඒ ලෙවල් ක්ලාස් එකකදි තමයි මම එයාව පලවෙනියට දැක්කේ ඒ මම ඒ ක්ලාස් එකට ගියපු පලවෙනි දවසේ. 


අපේ කොල්ලෝ ඔක්කම තුශීට සින් කලා . 


නවීනයයි මායි තමා වැඩිපුරම පැනි හලන්නේ කොහොම වුනත් කෙල්ල කැමති වුනේ මට 


මම ටිකක් විතර අනිත් අයට වඩා කැපිලා පෙනුනු පුද්ගලයෙක් හින්දා 


තුශිටත් මගේ ග්‍රහනයෙන් මිදෙන්න බැරි වුනා .. 


මම ආදරෙයි කියලා තිබුනාට මට තිබුනේ කැමැත්තක් විතරයි මුලින්ම 


අපේ අදහස් ගැ‍ලපෙනව‍ කියලා දැනුනම 


අපි දෙන්නට දෙන්නා විනිවිදව විස්වාසෙන් ඉන්නකොට 


අප දෙන්නට අපි දෙන්නා නැතුව තප්පරයක්වත් ගෙවන්න බැ කියලා දැනුනම තමයි 


මම හදවතින්ම එයාට ආදරෙයි කියලා එයාට කියුවේ 


“ මේච්චර කල් ආදරෙයි කිව්වේ බොරුවටද මැට්ටෝ ??” කියලා එදා අහද්දි මට ගොඩක් හිනා ගියා 


එයා මං දිහා බලලා රෑව්වා අපි ඔහොම අවුරුදු දෙකක් විතර ආදරෙ කරලා තමා මම 


මුලින්ම මේ ගෙදරට ආවේ ඒ තුශි ගැන අහන්න 


නවිනයත් එදා ආව 


මායි ඌයි පට්ට බයෙන් ආවේ ගුටිකන්න වෙයි කියලා තුශිගේ තාත්තාගෙන් . 


අනේ දෙයියන්ගේ පිහිටෙන් එහෙම වුනේ නැ . 


ඒ ‍අය අපිව හොදින් පිලිගත්තා තුශි කලින් අපි එනවා කියලා කැමැත්තත් අරන් තිබිලා තියෙන්නේ .. 


ඒ ගෙදරින් මට කැමැත්ත ලැබුනයින් පස්සෙයි මම මට නැදැයෙක්ට කියලා ලංකාවේ හිටපු එකම මාමාත් එක්ක ගිහින් ආයේ කතා කලේ . 


හදිස්සියේම මට ඇමරිකාවට එන්න කියලා අම්මලා කිව්වා බිස්නස් එක බාරදෙන්න. 


අම්මලා කිවේ වෙඩින් එක ගැන කතාකරගන්නත් එක්කම ඒ දෙන්නත් එක්කම ඉක්මනට එන්න පුලුවන් 


ඒ නිසා ඇවිත් යන්න එන්න කියලා. 


මම තුශිට කිවම මාව පොඩිකාලෙකට වුනත් දකින්න ලැනේනේ නැති එක ගැන ගොඩක් දුක්වුනා 


ඒ ඇඩිල්ල මතක් වෙද්දි මට තාමත් ඇඩෙනවා 


මම තුශිව අන්තිමට මුනගැහුනේ එදා 


ඇමරිකාවේ ඉද්දි ‘ 


යාලුවෙක්ගෙන් මට ස්කයිප් කොල් එකක් ආවා 


මගේ හුස්ම හිරවුනා වගේ වුනේ “ගිනිගත්තු උස ගොඩනැගිල්ලකින් වැටිලා තුශි මැරිලා මචං” කියලා කියද්දි. 


මම ලන්කාවට එද්දි තුශිගේ භුමදාන කටයුතුත් කරලා ඉවරයි 


මම එයාගේ සොහොන බදා‍ගෙන හොදටම ඇඩුවා 


ලස්සන පැතුමි සිහින විමන් හදපු අපේ ආදර ලොකේ දාලා එයා පොලව යට වැලලිලා 


මම එදාම ආයේ ඇමරිකාවට ගියා අම්මලා ගාවට 


ඒ ගියපු දවසට පස්සේ නවින්ගේ වෙඩින් එකටයි ආයෙම ලන්කාවට ආවේ 














***** 


මගේ කතාව මගේ හිත මට කියනකොට මගේ ඔලුව දනිස් දෙක මැද්දේ නතර වුනා.. 








තුශිලගේ ගෙදර නවතින්න කියුවත් මට නවතින්න හිත තිබුනේ නැ අපි ටිකක් දුර ගිහින් හොටලේක රෑ නතරවෙන්න කතාකරගත්තා




හේතුවක් හිතාගන්න බැරි වුනාට මගේ පිරිමි යාලුවොනම් හම්බුනු එකම හොටලේට කැමති වුනේ නැ ඒත් ඒ හොටලේ හැංගිච්ච ගුප්ත බවක් නමි තිබුනා 


දිමිත්‍රීගේ දැඩි ඉල්ලිම මැද අපිට ඒ හොටලේම නතරවෙන්න වුනා 


නවින් මං දිහා තාම බලන්නේ සැකෙන් වගේ 


ඒ ඇයි කියලා මට නිකමටවත් හිතාගන්න බැ 


මම දිමිත්‍රි එක්ක වචනයක්වත් කතාකලෙත් නැ 


අපි ඒ හොටලේට ඇතුල් වෙච්චි වෙලේ ඉදන් මගේ අනිත් යාලුවොත් මා දිහා බැලුවේ ඒ විදියටමයි 


අනේ මන්දා මුන්ගේ හැසිරිම මටනම් හොදටම අවුල් සහගතයි 


තට්ටු 6ක හොටලෙත් වැඩි සෙනගක් හිටියේ නැ කපල් දෙක තුනක් ඉන්න ඇති උපරිම 


අපි ඩිනර් එක අරන් එලියේ සින්දු කියලා පොඩි ෆන් එකකුත් ගත්තා 


යන්තමට වගේ කොල්ලෙක් කියනවා ඇහුනා ” තුශානි පැන්නෙත් මේ හෝටලෙන්ම නේද “කියලා 


නවින් මට පේන්නැතිවෙන්න කට වහගන්න කියලා උට ඇගිල්ලෙන් සංඥා කරනවා 


මට ඒකත් යන්තමට වගේ පෙනුන නිසා මම මුකුත් උන්ගෙන් අහන්න ගියේ නැ හොදටම රෑ වුනාට පස්සේ 


අපි කට්ටියම ගියා නිදාගන්න 


අපි හිටියේ 5ස් වෙනි තට්ටුවේ ‍කාමරවල 


මම ඇදට ගියේ නිදාගන්න ඒත් මට අර තුශි ගැන කියපු කතාව ගැන දැනගන්න ඕන වුනා 


මම ගිහින් හොටලේ මැනේජර්ගෙන් විස්තර ඇහුවා 


මැනේජර් අලුත් කෙනෙක් 


එයා ඒ ගැන දන්නේ නැ 


ඒත් එයා අදාල දවසේ ආපු ගියපු අයගේ විස්තර පොත මට දුන්නා 


දෙයියනේ තුශි අන්තිම දවසේ ඉදලා තියෙන්නේ මේ හොටලේමයි 


ඒත් තුශි මොකටද හොටල් වල නවතින්නේ 


අහම්බෙන් වගේ හුරු නමි ටිකක් දැක්කා ඒ දවසෙම එයාට පස්සේ ආපු අය අතරෙ 


ඒ නම් මගේ යාලුවන්ගේ ඒවා මගේ ඔලුව ප්‍රශ්න පත්තරයක් වගේ 


මම අපි හිටපු තට්ටුවට ගියේ කාගෙන් හරි විස්තරයක් අහගන්න 


විදුලිය විසන්දි වුනා එදා වගේමයි 


කලුවරේම මාව දෙයක් වැලදගන්නවා වගේ දැනුනා ඒත් ඉක්මනටම ඒ හෙවනැල්ල වගේ එක අපි හිටපු කාමර දිහාවට ගියා 


බල්ලො උඩු බුරලන්න ගත්තා මහ හයියෙන් ගොඩක් ය හිතෙනවා ඒ සද්දෙට 


මගේ ඇග සීතලවෙලා ගියා වගේ 


මගේ යාලුවා තුසිත කැගහන්න පටන් ගත්තා කාමරවල හිටපු අයයි මමයි ඔක්කම ඒ කාමරෙට ගියා ටොර්ච් එකක් තිබුනු කෙනෙක් ටොච් එක කාමරේ දිහාවට අල්ලද්දි ලේ පෙරාගෙන තුසිත බිම වැටිලා හිටියා කාමරේ දොර කව්රු හරි හයියෙන් වැහුවා වහපු කෙනෙක් හිටියේ නැ 


මම දොර අරින්න හැදුවට ඇරගන්න බැරි වුනා 


අපි ඔක්ලාගෙම හිත් වල තිබුනේ බය විතරමයි ගැහැනු 


අප්‍රසන්න විදයට ගැනු කෙනෙක් හිනා වෙනවා 


ඒකට ගොඩක් බය හිතෙනවා නවත්වන්නේ නැතුවම දිමිත්‍රියි තව කෙල්ලෝ දෙන්නෙකුයි කැ ගහනවා 


විසිල් එකක් වගේ 


මට දැනුනා මගේ පිටිපස්සෙන් දෙයක් හෙලවෙනවා වගේ ඒත එක්කම එක මගේ ඇග ඇතුලෙන් ගියේ අපේ තවත් කොල්ලෙක්ගේ දිහාවට මම දැක්කා උ අඩි තුනක් විතර බෙල්ල අල්ල‍ගෙන උඩ යනවා 


අපි පහලට කරන්න වැයම් කලාට අපිව තල්ලුකරා කවුරු හරි 


එ වගේ තල්ලු කරපු පාරකට නවිනුත් විසිවෙලා ගිහින බිමට වැටුනා 


මම නවින් කියලා අදුනගත්තේ කටහඩින් 


අර අඩිතුනක් විතර උඩ හිටපු කෙනා කකුල් හෙල්ලුවා ඇග හෙල්ලුවා මට ලන්වෙන්නවත් බැරිවුනා 


මට ඉස්සරහා බැම්මක් ගහලා වගේ ඒ කෙනා කිසිම ප්‍රතිචාරයක් නොදක්වද්දි මැරිලම වැටුනා 


කරන්න දෙයත් තිබුනෙම නැති තැන උපරිම වෙගෙන් මම දොරට දෙතුන් පාරක් පයින් ගැහුවා දොර ගැලවිලා ගියේ උලුවස්සෙන්ම වෙන්න ඔන 


බය වෙලා ඉතුරු වෙලා හිටපු අපි කාමරෙන් කැ ගහගෙනම එලියට ආවේ 


පපුව ගැහෙනවා හොදටම 


කකුලුත් වෙවිලනවා .. වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලා හිතා‍ගන්න බැ 


එකපාරටම අකුනු ගගහා වහින්නත් පටන්ගත්තා 


බය තව තව වැඩිවෙන්න ගත්තා 


කකුල් පන නැ වගේ 


තාම කාමරේ ඇතුලේ නවින් ඉන්නවා 


මම ඇතුලට යන්න අඩියත් තියද්දි මාව විසිවුනා 


ඇරලා තිබුනු ජනෙලේන් විදිලි කොටනකොට මතුවෙන එලියෙන් 


යන්තමට වගේ‍ කොන්ඩේ කඩාගත්තු විරුපි ගැහැනු කෙනෙක්ව දැක්කා 


ඒ ගැනි හිටියේ නවින්ගේ බෙල්ල මිරිකගෙන 


නවතින්නේ නැතුවම පපුව ගැහෙනවා 


ගැහි ගැහි මම නවින්ව අතැරපන් කියලා කැ ගැහුවා 


මාව වෙව්ලනවා 


නවින්ගේ හිස කදින් වෙන්වෙලා විසිවෙනවා විදුලියක එලියෙන් මට හොදටම පෙනුනා 


දනිස් පන නැතිව මම ඇදගෙන වැටුනම මම බඩගාගෙන අනිත් අයව හොයන් ගියා ඒ යද්දි සිහි නැතිව වැටිලා හිටපු දිමිත්‍රිව දැක්කා යන්තමට වගේ .. 


’’නංගි…. නංගි…. දිමිත්‍රි “” 


අපි මෙතනින් එලියට යන්න ඔනේ අපියමු 


මම දිමිත්‍රිට කතා කලා.. දිමිත්‍රි හොදටම වෙව්ලනවා මම එයාවත් වත්තම් කරගෙන නැගිටිටෙ මගේ හිත පුලුවන් තරම් හයිය කරන් ඒත් මමත් හොදටම බයවෙලා 


කරන්ට් එක ආවා 


සහි නැතිව හිටපු තව ගැනු ලමයි දෙන්නෙකුයි දිමත්‍රියි මමයි ඇරුනම අනිත් පිරිමි යාලුවො හැමොම මැරිලා වගේ ලේ විලක් වගේ ඒ තට්ටුව 


ගැනු ලමයි දෙන්නගෙත් සිහි එලවා ගත්තේ පුලුවන් තරමි ඉක්මනින් එතනින් පිටවෙන්න 


ඇයි කාටවත්ම අපිව ඇහුනේ නැත්තේ කියලා මට හිතුනේ නැත්තේ සමහරක් විට ඒ හොලමන අනිත් අයවත් මරලා තියෙන්න ඇති කියලු හිතුනු හින්දා 


“සුද්දා හසිතයෝ අපෙන් උඹට ලොකු වැරුද්දක් වුනා බං “ 


පන අදිමින් හිටපු සහන් අමාරුවෙන් වගේ කිවිවට පස්සේ උගෙත් බෙල්ල කඩාගෙන වැටුනා 


සහන් හිටියේ විදුරුවක් බෙල්ලේ ඇනිලා 


යාලුවන්ගැන දුක්වෙනවට වඩා මම හිටියේ බය වෙලා .. 


මට ඔන වුනේ ඉතිරිවුනු ජිවිත ටිකවත් බේරගන්න 


එකපාරටම ආයෙත් අර කෙල‍්ලො තුන්දෙනාම කැගහලා එකපාරටම බිම ඇදගෙන වැටුනා 


මම ඒ දිහා බලලා ආයෙම පිටිපස්ස බලද්දි මගේ ඉස්සරහ හිටියේ තුශි 


මට විශ්වාස කරගන්න බැරිවුනා ඒ එයාමද කියලා 


“තුශි මගේ තුශ් ඔයා මැරිලා නැ ….” 


“තුශි…. ඔයා…. ජිවත් වෙනවා “ 


මගේ බයට මොනවා වුනාද දන්නේ නැ තොරතෝන්ච්යක් නැතුව මම කියවන්න ගත්තේ පිස්සුවෙන් වගේ .. 


ඒත් තුශි මුකුත්ම නොකියා ඇවිත් මගේ අතින් අල්‍ල‍ගෙන මාව උඩම මහලට එක්කරන් ගියා 


සදුලු තලය වැනි තැනකදි එයා මාව බදාගෙන හයියෙන් අහන්න ගත්තා 


එයා හරිම සිතලයි 


මට දැනුනේ එහෙමයි 


“මගේ සුදු අයියේ මට සමාවෙන්න අයියේ ඔයාගේ යාලුවො මැරුවේ මම “ 


“”තුශි…….. ඔයා “” 


“ඔව් හසිත අයියේ 


ඔයා ඇමරිකාවේ ගිහින් සතියකට විතර පස්සේ මට කොල් එකක් ආවා නවින් අයියාගෙන් 


ඔයා මේ හොටලේ ඉන්නවා කියලා මට හම්බවෙන්න එන්න කිව්වා කියලා 


ඔයා මාව සර්ප්‍රයිස් කරන්න හදන්නේ කියලත් කියුවා 


ඔයාව බලන්න තියන හදිස්සියට මම කාටවත්ම කියන්නේ නැතුව මෙහෙට ආවා අයියේ 


නවින් අයියා කියපු විදියට මම රුම් එකකුත් බුක් කලා 


මම කාමරේ හිටියේ ඔයා එයි කියලා හසිත අයියේ ඒත් කාමරෙ දොර ඇරන් ආවේ අර පහල මැරිලා ඉන්න ඔයාගේ යාලුවො අයියේ 


කාමරේ දොර වහලා මගේ කට බැදලා මාරුවෙන් මාරුවට….”” කියලා එහෙම කියපු තුශි මුන වහන් අඩන්න ගත්තා 


මහ මෙරක් තරමට විස්වාස කරපු හිතන් හිටපු මගේ යාලුවො ගැන මට ඇති වුනු පිලිකුල කේන්තිය පිටකලේ මම බිත්තියට අතින් හයියෙන් ගහගෙන ගිහිල්ලා 


මට තුශි ගැන ලොකු දුකක් ඇතිවුනා මම ගිහින් තුශිව තුරුල් කරගත්තා 


“අයියේ ඔයා ගොඩක් පරක්කුයි මගේ සුදු අයියේ 


ඔයාගේ තුශි ඔයාගේ ලොකෙන් ගොඩක් ඇතයි “ 


“එදා උන් අර කාමරේට පැට්රොල් දාලා ගිනිතිබ්‍බේ මාත් ඉද්දිමයි “ 


ලග තිබුනු කාමරේට අත දික් කරන ගමන් එයා එහෙම කිව්වේ ඔහුල පහත් කරගෙන 


මම ඒ දිහා බලලා ආයේ එයා දිහා බලද්දි එයා හිටියේ සදලු තලේ බැම්මේ ඉදගෙන 


“පිච්චෙන වේදනාව දරාගන්න බැරිව මම මේ සදලු තලේ දිහාවට දුවගෙන එද්දි මෙතනින් පහලට වැටුනා … 


මට ඒ ආත්මෙදි ඔයාව ලබාගන්න බැරිවුනා මගේ අයියේ… 


මම වෙන ආත්මෙකට නොගිහින් හිටියේ කවදහරි දවසක මේ පලිය අරන් ඔයාට වුනු දේ කියලා හිත නිදහස් කරගන්නයි “’ 


තුශි එහෙම කින ගමන් එතනින් පහලට පැන්නා 


එයා පිටිපස්සෙම ගිහන් මාත් එතනින් පහලට පැන්නා 


මම ඇස් අරිනකොට තුශි ඇත ඉදන් මට එන්න එන්න කියලා කතාකලා 


තුශි හරිම ලස්සනයි 






සිහින් සිරුරක් තිබුනු එයා ඇදන් හිටියේ රතු පාට දිග ගවුමක් 


මම වැටිලා හිටපු තැන ලේ තිබුනා ඒත් ඒවා මගේ ගැවුනේ නැ 


මම නැගිට්ට ඒත් වැටිලා හිටපු මගේ සිරුර නැගිට්ටේ නැ 


මම හරිම සැහැල්ලුයි හරිම නිදහස් 


මම දුවගෙන ගිහින් තුශිගේ අත අල්ල ගත්තා 


අපි එහෙම මාස ගානක් එකට ඔහේ පාවෙවි හිටියා 


ඒත් අපිට ආයෙත් වෙන් වෙන්න උනා එක නින්දකදි 


හරියට මම ඇදිලා ගියා වගේ වුනා 


ඒ තැන හරිම කරුවලයි මාස 8 ක් හො 9ක් විතර මම හිටියේ යම් දෙයක හිරවෙලා 


මම ඇස් ඇරලා බලද්දි 


මන් දිහා බලාගෙනම ලගින් හිටියේ යොදයෙක් වගේ ගැනු කෙනෙක් 


“”අනේ…. මගේ වස්තු…. ඔයා ඇස් ඇලියද පැටියෝ??”” 


මට අහන්න ඕනේ වුනේ ඔයා කව්ද මම මේ කොහෙද 


කො මගේ තුශි කියලා 







ඒත් එ වෙනුවට මගේ කටින් පිටවුනේ
“උවැඇහ් “ “උවැහැහ්”’ උවැහ්” උවැහැහ් “
අනුකම්පාවෙන් ඇය මා දෙස බලලා නලල ඉඹලා
“”බඩගිනියිද පැටියෝ ‘’’ … කියලා
ඇය වීශෘල පියයුරක් මගේ දෙතොල් මත තිබ්බා
____සමාප්තයි____


**හමුවුනා වෙන්වුනා** කෙටිකතාව මෙයින් අවසන් වන වගයි
ි මෙය තවත් මාගේ එක් නිර්මානයක් වන අතර
නම් ගම් සිදුවිමි සියල්ල මනස්කල්පිතය .
.


** ගයාන් ධනු **

No comments:

Post a Comment